IMG-LOGO

’දුම්රියෙන් ආවත් ගෙදර යන්න බස් නෑ’

( තිලකරත්න  දිසානායක.)

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත යාම ඒම සඳහා දුම්රියයන්ගෙන් ගමන් පහසුකම් ඇතත් දුම්රිය ස්ථානයන්ට පැමිණීමට සහ ආපසු නිවෙස් කරා යාමේ දුෂ්කරතාවක් පවතින බව සේවක සේවිකාවෝ පවසති. 

මෙම අපහසුතාවය මත අධික වියදම් දරා කුලී රථ යොදා ගැනීමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මීට විසදුමක් ලෙස දුම්රිය ස්ථානයන්ට පැමිණීමට සහ ආපසු නිවෙස් කරා යාම පිනිස පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක විය යුතු බව ඔවුහු කියති.



අදහස් (5)

’දුම්රියෙන් ආවත් ගෙදර යන්න බස් නෑ’

Rohana Tuesday, 12 May 2020 03:03 PM

චීනයේ රසායනාගාරයක් තුළ බෝකල වයිරසයක් නිසා අැතිවුණු වසංගතයක් නිසා ලංකාවේ ජනජීවිතයම අවුල්කලා. රැකියාකිරීමේ අයිතිය නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය චීනයේ වසංගතය නිසා අපට අහිමි වුණා.

:       0       0

සමන්ත Tuesday, 12 May 2020 04:16 PM

මම හිතන්නේ මේ ප්‍රශ්නය තියෙන්නේ ගම්පහ දුම්රිය ස්ථානයේ මගීන්ට. කොහොමත් ගම්පහ නගරයේ අතිරේක පන්ති නැත්නම් හැමදාම ඔය ප්‍රශ්නය තියෙනවා. සාමාන්‍ය දිනවලද රාත්‍රි 7 - 8 වෙද්දී බස් නෑ. කිරිදිවැල ආදී ප්‍රදේශ වලට යන බොහෝ මගීන් වේයන්ගොඩට ගොස් තම බස්රථ ලබාගැනීම සිදුකරන අවස්ථා බොහෝවිට දැකිය හැකියි. ගම්පහ දුම්රිය ස්ථානය වැඩිම ආදායමක් ලබන්නේ මේ අතිරේක පන්ති සදහා එන ළමුන්ගෙන්....

:       105       58

සෝමා Tuesday, 12 May 2020 05:28 PM

සෑහෙන්න කාලයක් plan කරලා තමයි අනේ මේ ටිකත් හදා ගත්තේ... මේ මොනවද අනේ ඉතුරු ටික පයින් යන්න. ඒ තරම් දක්ෂ විද්වත් පිරිසක්නේ වැඩ කරන්නේ. කෝච්චියේ යන්න සිය දෙනෙක් ආවත් කලින් රෙජිස්ටර් වෙලා නැත්නම් එක්ක යන්නේ නැහැ. හිස් කෝච්චිය කොළඹට යනවා බෙලිඅත්තේ ඉඳලා.

:       0       170

wicky Wednesday, 13 May 2020 05:02 AM

කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. කියන දේවල් ඒ විදියට ක්‍රියාත්මක කරන්න බැහැ. කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ. රාජකාරිවලට එන්න කියනවා. හැබැයි ප්‍රවාහනය ගැන හිතලවත් නැහැ. පරිසර අමාත්‍යාංශයෙන් පත්වීම් ලිපිය බාර දෙන්න එන්න කියනවා. එ්ක අත්‍යාවශ්‍ය නැහැනේ. හැබැයි රාජ්‍ය පරිපාලන එකෙන් ලියුම බාර දෙන්න කියනවා. කිසිම විදියක් නැහැ යන්න. පඩියෙන් බාගයක් විතර ගෙවන්න වෙනවා taxi වලට. අජිත් රෝහණ මහත්තයා කියනවා TV එකේ අත්‍යාවශ්‍ය නොවන ඒවාට එළියටවත් බහින්න එපා, ID නොම්මරේට අත්‍යාවශ්‍යම දේවල් ගන්න යන්න කියලා. හැබැයි රාජ්‍ය පරිපාලනෙන් කියනවා ලියුම බාර දෙන්න 15ට කලින් කියලා...

:       0       0

de silva Wednesday, 13 May 2020 05:54 AM

එදා ඉඳල ලංකාවේ තීන්දු තීරණ ගත්තෙත් ඉදිරියට ගන්නෙත් නුගත් දේශපාලකයන් සහ ඔවුන්ගේ වලිගේ එල්ලිලා උඩට නැගපු සුදුසුකම් නැති අදක්ෂයන්. ඔවුන්ට යම්කිසි දෙයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න බැහැ. මට මේක දැක්කහම මතක් වුනේ ප්‍රවීන විශ්‍රාමික කලාකරුවෙක් ගායනා කළ ගීතයක කොටසක් , " අනේ ඉතින් අපි දෙන්නට මේ තුන්සරණේ සරණියි "

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site