රංජන්ගේ නිවසින් බලපත් නොමැති පිස්තෝලයක් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂාවට ලක්කළ පොලිස් කණ්ඩායමට බලපත්‍ර නොමැති නයින් එම්.එම්. වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 18ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් සී.ඩී. හා දෘඪ තැටි කීපයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 04 January 2020
දැරියට අමානුෂික ලෙස පහරදුන් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ් නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයෙන් 13 හැවිරිදි දරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ග්‍රාම නිලධාරිනිය ඇතුලු සැකකාරියන් දෙදෙනා මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙසට නිකවැරටිය මහේස්ත්‍රාත්වරිය අද (04) නියෝග කළාය. 04 January 2020
දැරියකට අමානුෂික ලෙස පහර දුන් ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම් නිකවැරටිය කොටවෙහෙරදි 13 හැවිරිදි දැරියකට අතින් පයින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොන්නැකුලම ග්‍රාම නිලධාරිනියගේ අද (4) වැඩ තහනම් කර ඇත. 04 January 2020
රංජන්ගේ නිවස සෝදිසි කරයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කරමින් පවතියි. 04 January 2020
ගුවන් භටයන්ගේ මරණ පරීක්ෂණ බදුල්ලේදී හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල මහ රෝහලේදී අද (04) සිදුවෙමින් පවතින බව හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය. 04 January 2020
පොල්කොටයක් හිසට වැටී හිමිනමක් අපවත් වෙති බිබිල ටැම්ගොඩ රාජ මහා විහාරයේ විද්‍යානන්ද පිරිවනේ ඉගෙනුම ලබමින් සිටි හිමිනමක් අද (04) දින පන්සලේ ශ්‍රමදානයක නිරතව සිටියදී පොල් කොටයකට යටවී සිදුවු අනතුරකින් අපවත් වු බව පොලිසිය කියයි. 04 January 2020
අමෙරිකාවෙන් මැදපෙරදිගට තවත් අමතර සෙබළු 3000 ක් ඉරාන - අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 04 January 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට එකඟ වෙන්න බැහැ පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතියක් ලෙස ඊට එකඟ නොවන බව කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය. 04 January 2020
බාලවයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට දහතුන් වියැති බාලවයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට ග්‍රාම නිලධාරිනියක් සහ දැරියගේ පියා සහ ගැබිණි සුලු මව කොටවෙහෙර. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය පවසයි. 04 January 2020
සිසුවියන් දෙදෙනෙකු සමග නවාතැන් ගෙන සිටි ගුරුවරයා අත්අඩංගුවට පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 04 January 2020
ජනපතිගේ නම විකුණු මුදල් වංචා කළ සැකකරු දැලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් ව්‍යාජව පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන පවසා පුද්ගලයකුගෙන් රුපියල් 24,000 ක් වංචා කළ පුද්ගලයකු ගම්පහ වීරගුල දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (3) අත්අඩංගුවට ගනු ලැබීය. 03 January 2020
සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට සහන පොලී මත බැංකු ණය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 03 January 2020
ගුවන් අනතුරින් මිය ගිය අයගේ සිරුරු බදුල්ල රෝහලට හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බදුල්ල මහ රෝහල වෙත ගෙන ආ බව හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය. 03 January 2020
ටිපර් රථයක් - බස් රථයක් එකිනෙක ගැටී 7 ක් රෝහලේ මහියංගන දළුකාන ප්‍රධාන මාර්ගයේ බතලයාය ගල් වැඩපොළ ආසන්නයේදී අද (03) සවස ටිපර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගිරාදුරුකෝට්ට පොලිසිය පැවසීය. 03 January 2020
පුළුන් කර්මාන්තශාලාව ගින්නක් සේදවත්ත කලුපාලම ප්‍රදේශයේ පුළුන් කර්මාන්ත ශාලවක මීට මද වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. 03 January 2020
සති අන්ත නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක් ලබන 9 දා සිට දින හතරක් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. 03 January 2020
හෙරොයින් පැකට් 72ක් සමග යුවළක් අත්අඩංගුවට තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදී සිටි යුවළක් අද(03) අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම අපරාධ දූෂණ මර්ධන විශේෂ වැටලීම් ඒකකය කියයි. 03 January 2020
පළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරීන් සොයන්න කමිටුවක් යහපාලන ආණ්ඩුවෙන් රාජ්‍ය නිලධාරීන්ට වූ පළිගැනීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 03 January 2020
ඊශ්‍රායල් අගමැති සංචාරය නවත්වා ආපසු එයි ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයකු මරුමුවට පත්වීමත් සමඟ ග්‍රීසියේ සංචාරයක යෙදෙමින් සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එම සංචාරය අතර මඟ නවතා දමා නැවත සිය රට වෙත පැමිණ ඇති බව වාර්තා වේ. 03 January 2020
විදෙස් ඇමැති ජනවාරි 9-10දා ඉන්දියාවේ සංචාරයක විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. 03 January 2020
කෙහෙළිය - මහින්දානන්ද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයෝ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු පත්ව සිටිති. 03 January 2020
‘හමුදා ප්‍රධානියාගේ ඝාතනයට ඇමෙරිකාවෙන් පලිගන්නවා’ ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි. 03 January 2020
ගුවන් යානා අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (3) පැවසීය. 03 January 2020
රංජිත්ගෙන් හිස්වූ මන්ත්‍රී ධූරයේ වරුණ දිවුරුම් දෙයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා වරුණ ප්‍රියන්ත මහතා කතානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 03 January 2020
බැග්ඩෑඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක් - 8ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අන්තර්ජාතික ගුවන් තොටුපළකට එල්ල වූ රොකට් තුවක්කු ප්‍රහාරයකින් පුද්ගලයන් 8දෙනෙකු අද(03) මිය ගොස් තිබේ. 03 January 2020
සජිත් විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) දැනුම් දුන්නේය. 03 January 2020
‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනය ‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී ඇත. 03 January 2020
‘රටේ ආරක්ෂාවටත් ස්වෛරීභාවයටත් ව්‍යවස්ථාවේ වෙනසක් ඕනෑ‘ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. 03 January 2020
ගිණුම් වාර්තා නොදුන්නොත් දේශපාලන පක්ෂ 18ක් ලැයිස්තුවෙන් ඉවතට මේ දක්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති දේශපාලන පක්ෂ 18ක් ඉදිරි සති දෙක ඇතුළතදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළහොත් පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 03 January 2020
බාබර් සාප්පුවක දී කතුරකින් ඇන පුද්ගලයෙකු මරා දමයි බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී කතුරකින් ඇන පුද්ගලයකු මරා දමා ඇතැයි බටපොල පොලිසිය පවසයි. 03 January 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026