(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු , මත්පෙති ,මුදල් සහ උපකරණ සමඟ පුද්ගලයෙකු ගල්කිස්ස බඩෝවිට දෙවන අදියර ප්‍රදේශයේ දී අද (11) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණු පළාත අපරාධ කොට්ඨාසය කියයි.
මත් කුඩු ග්‍රෑම් 10 ක් , පිල් නැමැති මත් පෙති 5 ක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් දෙලක්ෂ විසි අට දහසක මුදලක් විද්‍යුත් තරාදියක් මත්කුඩු පැකට් කිරීම සඳහා යොදා ගත් හැන්දක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.
බඩෝවිට දෙවන අදියරේ පුද්ගලයකු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට බස්නාහිර දකුණු පළාත අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් .ඒ.එල්.එස්.මුණසිංහ මහතාට ලද තොරතුරක් අනුව කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවැසීය.
වයස අවුරුදු 30 ක් වන මෙම සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd