‘ගෝඨාභය’ ඉත්තෑපාන නාහිමියන් බැහැ දකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන් බැහැ දැක අද (18) ආශිර්වාදය ලබාගත්තේය. 18 August 2019
නීතිවිරෝධී මත්පැන් ගැන දන්වන්න අංකයක් නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ පැමිණිලි වෙනුවෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව හෙට(19) සිට 1913 යන දුරකතන අංකය හඳුන්වාදෙන බව මුදල් අමාත්‍යංශය පවසයි. 18 August 2019
පොහොට්ටුවට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පවත්වන්න යයි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පැවැත්වීමට තීරණය කර ඇත. 18 August 2019
ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. 18 August 2019
‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය. 18 August 2019
දැරියක ගැබිනියක කළ තිදරු පියෙක් අත්අඩංගුවට දාසය හැවිරිදි බාලවයස්කාර දැරියක, ගැබිනියක බවට පත්කළ තිදරු පියෙකු අද (18) අලුයම අත්අඩංගුවට ගත්බව පිටිගල පොලිසිය පවසයි. 18 August 2019
ත්‍රිරෝද රිය ප්‍රපාතයට පෙරැළී පියා-පුතු මරුට බල්ලකෙටුව පිටපොල මාර්ගයේ කබරගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයට පෙරැළී යාමෙන් පිය-පුතු දෙපළක් මියගොස් තවත් කුඩා දරුවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි. 18 August 2019
පොලිස් ලෝක කුසලාන ශූරතාව ශ්‍රී ලංකාවට හයවන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හිමිකරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 August 2019
අනතුරට පත් ටිපර් රියේ ගැටී යතුරුපැදිකරු මරුට දිවුලපිටිය මීරිගම මාර්ගයේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන්න ටිපර් රියක් අධිබල විදුලි රැහැන් කණුවක ගැටී නතරව තිබියදී එම අනතුරෙන් පැයකට පමණ පසුව එම මාර්ගයේ මීරිගම දෙසට ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රියේ ගැටීමෙන් යතුරු පැදිකරු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 17 August 2019
ගෝඨා රාජපක්ෂ පිළිරූවලට උපහාර පුද කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේදී මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා රාජපක්ෂ අනුස්මරණ පිළිරූවලට උපහාර පුද කරනු ලැබීය. 17 August 2019
අධිකරණයේ ජනේලයෙන් රිංගා ගිය ‘ඉබ්බා’ අල්ලාගනී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් දෙවතාවක් මිදී පලාගොස් සැඟවී සිටි ‘ඉබ්බා’ නැමති සැකකරුවෙකු අද (17) උදේ සොරකම් කරන ලද යතුරුපැදියකින් යමින් සිටියදී දික්වැල්ල නිල්වැල්ල හන්දියේදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. 17 August 2019
තලේබාන් නායකයාගේ සහෝදරයෙක් බෝම්බ ප්‍රහාරයකින් මරුට පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය අය අතර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකයාගේ සහෝදරයෙකු ද සිටින බව වාර්තා වී ඇත. 16 August 2019
මාස 1 1 ක බිළිදියගේ ගෙල සිරකර මැරූ මව අත්අඩංගුවට මාස 1 1/2 වයසැති බිළිදියකගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිළිදියගේ මව අද (16) අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 16 August 2019
තලෙයිමන්නාරමෙන් කෝටි 11 ක අයිස් තොගයක් සොයාගනී තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ නාවික හමුදාව විසින් අද (16) සිදු කළ මෙහෙයුමකදී රුපියල් කෝටි 1 1 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් ඇත. 16 August 2019
‘‘ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු තීරණයක් ගන්නවා‘‘ ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ලංකාදිපයට පැවසීය. 16 August 2019
කර්නල්වරුන් 31 ක් බ්‍රිගේඩියර් නිලයට උසස් කෙරේ යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි. 16 August 2019
කොළඹ නිවාසවලින් බැහැර කරන කසළවලට ගාස්තු අයකිරීමේ යෝජනාවක් කොළඹ නගරයේ නිවෙස්වලින් බැහැර කරන කසළ අපද්‍රව්‍ය සඳහා ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි. 16 August 2019
‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ පිහිටුවයි ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන් එක්කරන ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ සඳහා වන සම්මුතියට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (16) පස්වරුවේ සිදුකෙරිණි. 16 August 2019
ජල විදුලි නිෂ්පාදනය 30% කින් වැඩි වෙයි ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය 30% ඉක්මවා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සහ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 16 August 2019
මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට මාදම්පිටිය සුසානභූමිය තුළදී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයින් 5 දෙනකු වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව ආසන්න මාර්ගයේදී අද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
ගුරු සේවයට අලුතින් ගුරුවරුන් 5000ක් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා අලුතින් ගුරුවරුන් 5000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 16 August 2019
‘යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයින් ජාතික ආරක්ෂාව ගැන කතා කරන හැටි කනගාටුදායකයි’ යුද්ධයට නායකත්වය දුන් ඇතැම් පුද්ගලයින් ජාතික ආරාක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ආකාරය ඉතා කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවසීය. 16 August 2019
බාල වයස්කරුවන්ටත් සහරාන්ගෙන් අවි පුහුණුව රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
ජනපති ගිය හෙලිකොප්ටරයෙන් වෙළෙඳසැල් වලට හානි නාඋල - කොහොලන්වල විශේෂ බලකා මුලස්ථානයේ අද (16) පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවය නිමා කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිටත්ව යාම සඳහා පැමිණ තිබු හෙලිකොප්ටරය ඉහළට එසැවීමේදී නාවුල නගරයේ වෙළදසැල් කිහිපයකට දැඩි හානී වී තිබේ. 16 August 2019
මාර්ග සංවර්ධන අධිකාරියේ නීතී අධ්‍යක්ෂකට ජනපති කොමිසමෙන් අවවාද වත්මන් රාජ්‍ය ව්‍යාපාර ,කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නියෝග මත මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනෙකු සහ රජයේ ව්‍යාපෘති සඳහා උපදේශකවරුන් 102 නෙකු බඳවා ගෙන ඇතැයි කියන පැමිණිල්ලට අදාළව සාක්ෂි විභාගයේදී අසත්‍ය තොරතුරු දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්යක්ෂවරයාට ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් තරයේ අවවාද කර ඇත. 16 August 2019
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 13 ක් යළි ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 16 August 2019
කුඩු රොෂාන්ගේ සොහොයුරා ඇතුළු තිදෙනෙක් එස් ටීඑෆ් දැලේ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියට තියුණු ආයුධ රැගෙන පැන පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයකු ඇතුළු තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
රිය අනතුරකින් තිදෙනෙක් මරුට හබරණ දඹුලු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි. 16 August 2019
ගෝඨාගේ විදෙස් ගමන් බලපත්‍රය ගැන විමර්ශන ඇරැඹේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 15 August 2019
‘‘ආණ්ඩුවේ පිරිස් ආරක්ෂාව දුර්වලයි කීමෙන් ජනතාව තුළ සැකයක් උපදිනවා‘‘ ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 15 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026