පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයකු අද (14) මිය ගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 14 August 2019
සෙබළෙකු රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබාගෙන මරුට ආරක්ෂක අමාත්‍යංශයේ රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය. 14 August 2019
මල්ලීගේ පිහි පහරින් අයියා මරුට ඇල්පිටිය ගණේගොඩ මෛත්‍රීගම පදිංචි පුද්ගලයකුට තම සොහොයුරා විසින් පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 14 August 2019
බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක ගින්නක් බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබේ. 14 August 2019
කැබිනට් රැස්වීම පවත්වන වේලාවේ වෙනසක් කැබිනට් රැස්වීම ලබන අඟහරුවාදා සිට උදේ 8.30 ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. 13 August 2019
2015 වසරට පෙර ජනපති කාර්යාලයෙන් කෝටි 440 ක හිඟයක් 2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත අද (13) ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය. 13 August 2019
පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 13 August 2019
ගුවන් තොටුපළ අවට කිලෝ මීටර් 5 ප්‍රමාණයක සරුංගල් යැව්වොත් දඩ ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් අවකාශය තුළ දෛනිකව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන බැවින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඩුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී. 13 August 2019
කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක් කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. 13 August 2019
මහවැලි ගඟ පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. 13 August 2019
ඉන්ධන මිලෙහි සංශෝධනයක් ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. 13 August 2019
කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළට පවතින දැඩි වර්ෂාපතනය සමඟ කැලණි කළු සහ ගිං සහ ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 13 August 2019
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි. 13 August 2019
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි. 13 August 2019
අමරපුර-රාමඤ්ඤ මහ නිකායන් එක්කෙරෙන සම්මුතියට අත්සන් තැබීම 16 ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායත් එක් කෙරෙන සම්මුතියකට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ලබන 16 වැනිදා සවස 2.30ට පැවැත්වේ. 13 August 2019
සීමානිර්ණය ගැන ජනපතිගේ අයැදුම්පත විභාගය 23 දා සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපතිවරයා යොමුකර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය ලබන 23 වැනිදා පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය. 13 August 2019
ඩෙල්ෆ්හි සංවර්ධන කටයුතු සඳහා රජයේ අරමුදල් අවභාවිත කිරීම ගැන විමර්ශන යාපනය ඩෙල්ෆ් දුපතේ සංවර්ධන කටයුතු සඳහා වන රජයේ අරමුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට, වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව තීරණය කර ඇත. 13 August 2019
රිය අනතුරකින් එකම පවුලේ 5 ක් රෝහලේ හපුතලේ බෙරගල මාර්ගයේ උඩ විහාරගල ප්‍රදේශයේ දී අද (13) වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ 5 දෙනෙකු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හපුතලේ පොලිසිය කියයි. 13 August 2019
නායයාම් අවදානමකින් වෙළඳසැල් 7 ක පිරිස ඉවත් කරයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවෙන්, ගිනිගත්හේන නගරයට බලපෑ නායයාමේ අවදානම් තත්ත්ව හේතුවෙන් නගරයේ වෙළඳසැල් 7ක හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය. 13 August 2019
කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 13 August 2019
හෙට දහවල් 11 දක්වා කාලගුණ තත්ත්වයේ වෙනස්වීම් අද (13) දහවල් 11 සිට හෙට (14) දහවල් 11 දක්වා කාලය තුළ දිවයින පුරා සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව කල්පනාකාරිව සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දක්වා ඇත. 13 August 2019
ගාමිණි ජයවික්‍රම අද එන්න බෑ කියයි රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එම කොමිසම වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. 13 August 2019
බ්‍රිස්ටල් වීදියේ එක් තීරුවක් වසා දමයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අසළ බ්‍රිස්ටල් වීදීයේ එක් තීරුවක් මේ වන විට වසා දමා තිබේ. 13 August 2019
‘‘නීතිමය ගැටළුව විසඳුනොත් පළාත් සභා මැතිවරණය පවත්වනවා‘‘ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති හෙයින් නීතිමය ගැටළුව විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 12 August 2019
ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කරනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 12 August 2019
ලොරිය වහලෙට වැටෙද්දී නිවැසි කාන්තාව දිවිබේරාගනී මීගහකිවුල උඩරඹුක්කැටිය ගම්මානය වෙත අද (12) පස්වරුවේ සිමෙන්ති තොගයක් රැගෙන ගොස් ආපසු එමින් තිබූ ලොරි රථයක් අඩි 75 ක් පමණ පහළින් වූ ප්‍රපාතයක පිහිටි නිවසක වහලයක් මතට කඩා වැටී අනතුරට ලක්ව ඇති අතර ඒම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පිටතට පැන දිවි ගලවාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 12 August 2019
ලක්ෂපාන - කැනියොන් - කොත්මලේ ජලාශවල වාන්දොරටු විවෘත කෙරේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. 12 August 2019
උසස්වීම් නැතැයි පොලිසියේ 33,000 ක් මැසිවිලි කියති පොලිස් නිලධාරීන් 33000 ක් පමණ වසර 10කට අධික කාලයක් තිස්සේ උසස්වීම් නොලැබ එම තනතුරේ රැඳී සිටින බව පොලිස් පොඩ්ඩෝ පවසති. 12 August 2019
සජිත් ජනපති කරවන බව හරීන් කියයි ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස නියත වශයෙන්ම පත් කරවන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 12 August 2019
සැමට ජය ලැබෙන සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා සෑම කෙනෙකුම ජයග්‍රහණය කරවන සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026