IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉන්දියාවේ කම්හලක විෂ වායු කාන්දුවකින් 6 ක් මරුට - 1000 රෝහලට

නැගෙනහිර ඉන්දියාවේ රසායනික කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය සඳහන් කළේය.

අනතුර හේතුවෙන් විශාඛපට්නම්හි වීදිවල කුඩා ළමුන් සහ කාන්තාවන් වැටී සිටි දර්ශන එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුණි.

දකුණු කොරියානු සමාගමකට අයත් මෙම කම්හලේ කටයුතු කොරෝනා වයිරසයේ පැතිරීම හමුවේ ඉන්දියාව පැනවූ අගුලු දැමීමේ සීමා හේතුවෙන් අත්හිටුවා තිබුුණි. අනතුර සිදුවන අවස්ථාවේ නඩත්තු කටයුතු සඳහා පමණක් කම්හල් සේවකයින් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ රැඳී සිට ඇත.

කෙසේ වෙතත් කර්මාන්තශාලා බලධාරීන් පවසන්නේ දැන් තත්ත්වය පාලනය කර ඇති බවයි්‍

1984 වසරේ බෝපාල්හි විෂ වායු කාන්දු වීමෙන් සිදුවූ අනතුරෙන් පසු වාර්තා වූ ප්‍රබලම අනතුර ලෙස මෙය හැඳින්වේ.


(ඒඑෆ්පී ඇසුරෙනි)

-226-



අදහස් (0)

ඉන්දියාවේ කම්හලක විෂ වායු කාන්දුවකින් 6 ක් මරුට - 1000 රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site