( ලලිත් නවරත්න.)
කුමාරකට්ටුව නෙලූම්කුලිය ප‍්‍රදේශයේ පොල්වත්තක වැඩපරීක්ෂක වරයෙකුගේ නිවසකට පැන එම එහිසිටි පුද්ගලයෙකුට පහරදී වටිනා නවීන රූපවාහිනී යන්ත‍්‍රයක් කඩා බිඳදමා අතුරු දහන්වූ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතිබව හලාවත පොලීසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කුමාරකට්ටුව නෙලූම් කුලිය මැදවත්තේ වතුවැඩ පරීක්ෂක වරයාගේ පුත‍්‍රයාය.
ඉකුත් 09 දා රාත‍්‍රී පහර කෑමට ලක්වූ පුද්ගලයා කුමාරකට්ටුව ප‍්‍රදේශයේ මාර්ගයේ සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මන්ත‍්‍රීවරයා සහ තවත් ප‍්‍රදේශයේ මැරයෙකු මග රැක පහරදුන් බවත්ල අනතුරුව තම ජීවිත බේරා ගැනීමට නිවසට දුවපැන සැගව සිටියදී එම මන්ත‍්‍රීවරයා සහ මැරයා පැමිණ නිවසේ තිබූ අගල් 52ක වටිනා වර්ණරූපවාහිනී යන්ත‍්‍රය පොලූමුගුරු වලින් ගසා කුඩුකළ බවත් අගතියට පත්වූවන් කළ පැමිණිල්ලේ සඳහන වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ප‍්‍රදේශයේම පදිංචි විජිත රම්‍යකුමාර හෙවත් පොළගා නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මන්ත‍්‍රීවරයා ප‍්‍රදේශයෙන් අතුරු දහන්ව ඇතිබව පොලීසිය පවසයි.
හලාවත පොලීසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මන්ත්‍රීගේ විස්තරත් දාන්න.
මල්ලි ඕවට කලබල වෙන්න එපා. ඔයහරියේ, ඔක්සිජන් නැතුව ඇති ඉදිරියේදී බලාගම්මු. කොරෝනා හින්දා, පොහොට්ටුව පිපෙන්නේ නැතුවම පරවෙන්න හදන්නේ... පව්...
පොහොට්ටුවේ අනන්‍යතාවය මැනවින් ප්‍රදර්ශනය කර ඇත...
පොදුජන පෙරමුණද, මොන පක්ෂයක වුවත් අදාළ නැත. මෙම තිරිසනා අල්ලා කූඩුකල යුතුමයි. එහි කිසිඳු වරදක් නොමැත. මෙවන් කාලකන්නින්ද මහජනතාවට සේවය කිරීමට වලිග හංගාගෙන එන්නේ? මෙවන්නන්ට ඡන්දය ලබාදෙන්නේද පිස්සු බල්ලන් බවත් සඳහන් කරන්නෙමු.
චන්ඩි හොර පොහොට්ටුවන්ට මැතිවරණයේදී අපි පෙන්වන්නම් අපේ බලේ...
අප කිසිවෙකුගේ ප්‍රාණය තවත් කෙනෙකු විසින් උදුරගන්නවාට කොහෙත්ම අකමැතිය. එහෙත් මොහුව 88/89 සිහි කැදවමින් ඇඩ්රස් නැතිව බෝක්කුවක් උඩ ඉන්නා බව ආරංචිය දැනගනුමට කැමැත්තෙමු. මක්නිසාදයත් මෙවන් තිරිසනුන් සාමකාමී සමාජයට පිළිලයකි. ඇත්තෙන්ම පව් මෙවන් කාලකන්නියෙක් මෙලොවට බිහිකළ ඒ "අහිංසක ආදරණිය අම්මා "..