නව යුද හමුදාපති වැඩ බාර ගනී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය. 21 August 2019
අරුවක්කාලුවට ගිය ටිපර් රථවලට යළිත් ප්‍රහාරයක් අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද(21) අලුයම කිසියම් පිරිසක් පහර දී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 21 August 2019
රිය අනතුරකින් 8ක් රෝහලේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 18 කණුව ප්‍රදේශයේදී අද(21) අලුයම සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු ඇතුළු අටදෙනෙකු නොච්චියාගම රෝහලට ඇතුළත් කළ සාලියවැව පොලීසිය කියයි. 21 August 2019
ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ. 20 August 2019
ශවේන්ද්‍ර සිල්වාට යුරෝපා සංගමයෙනුත් විරෝධය ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව මේ වසරේ මාර්තු මාසයේදී සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගැටලු මතුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි. 20 August 2019
එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු 97 ක් සජිත්ව යෝජනා කරති ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී. පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 20 August 2019
‘‘ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහරින්න‘‘ ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 20 August 2019
කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. 20 August 2019
අපගේ කණගාටුව ‘පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්’ යනුවෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියේ ඇතුළත් ඇතැම් කරුණු සාවද්‍ය බව වාර්තා වේ. 20 August 2019
සහරාන් යටතේ පුහුණුව ලැබූ මව්ලවිවරු 2 ක් අත්අඩංගුවට නුවරඑළිය බ්ලැක්ෆූල් කඳවුරේ සහරාන් යටතේ පුහුණුව ලද මව්ලවිවරු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 20 August 2019
යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) නිවේදනයක් නිකුත් නිකුත් කරමින් කියා සිටී. 20 August 2019
දුම්රිය කාර්යක්ෂම කරන්න ඩොලර් මිලියන 160 ක් දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය මගින් හදුනාගත් උප ව්‍යාපෘති සහ මිලදී ගැනීම් 32 ක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමා තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදලට අදාළව ගිවිසුම් අත්සන් කිරීම අද (20) මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. 20 August 2019
මාස දෙකක් යාල වහයි යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස දෙකේදී පමණක් වසා තබන බව යාල වනෝද්‍යානයේ පාලන අධිකාරිය කියයි . 20 August 2019
නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වේදනා පාලනය හෙවත් නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවන් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 20 August 2019
දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි දහම් පාසල් අවසාන විභාගයේ (2018/2019) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 20 August 2019
සහරාන්ගේ බිරිඳ යළිත් අධිකරණය හමුවට තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ මොහොමඩ් සාකියා නැමැත්තිය නැවතත් රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) යොමු කර ඇත. 20 August 2019
‘එජාප ජනපති අපේක්ෂකයා කවුරුන්දැයි ඉක්මණින් තීරණය කරන්න‘ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා කවුදැයි එකට වාඩි වී සාකච්ඡා කර ඉක්මනින් තීරණයක් දෙන ලෙස එක්සත්ජාතික පක්ෂ නායකයින්ගෙන් සහ නියෝජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 20 August 2019
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ බවට පවසමින් අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍ය නිලධාරියා මුදාහරින්නැයි ඉල්ලා පලෙයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 20 August 2019
ශවේන්ද්‍රගේ පත්වීමට එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගෙනුත් කණගාටුව ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය ද නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. 20 August 2019
හිටපු යුද හමුදාපති ජනරාල් නිලයට උසස් කරයි හිටපු යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) සිට ජනරාල් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි. 20 August 2019
හිටපු සතොස සාමාන්‍යාධිකාරීට ලිහිල් සිරදඬුවමක් හිටපු සතොස සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා මහතාට වසරක ලිහිල් සිරදඬුවමක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියම කළාය. 20 August 2019
වන අලියෙක් පාසල් ඇවිත් අලි කලබලයක් නව ලග්ගල පල්ලේගම මහ විද්‍යාල භූමියට අද ( 20) කඩා වැදුණු වන අලියෙකු පැයක පමණ මෙහෙයුමකින් පසු අසළ ගඟ රක්ෂිතයේ කැලෑවකට පන්නා දැමීමට කටයුතු කළ බව වනජීවී නිලධාරීන් පවසයි. 20 August 2019
ගෝඨාභයගේ රුව සහිත කටවුට් ඉවත්කරන්නැයි දැනුම් දෙයි තමන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් දිවයින පුරා ප්‍රදර්ශනය කර තිබෙන කටවුට් සහ බැනර් සියල්ලම වහාම ගලවා ඉවත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූම සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. 20 August 2019
ඇමැති පියසේන ගමගේට එජාපයේ හිනිදුම ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක වශයෙන් හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පත්කර ඇත. 20 August 2019
පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ. 20 August 2019
ශවේන්ද්‍ර යුද හමුදාපති කිරීම ගැන ටී.එන්.ඒ විරෝධය නව යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ගත් පියවර දෙමළ ජාතිය හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් බවත් ඒ ගැන දැඩි අප්‍රසාදය පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. 20 August 2019
හොරෙන් ඕස්ට්‍රේලියා යන්න ගිය 16 ක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සඳහා සැගවී සිටි පිරිසක් වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැදී සිටි 16 ක් අද ( 20 ) අලුයම අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 20 August 2019
සතියක් තුළ ජනපති අපේක්ෂකයා නම් කරන්නැයි එජාප මන්ත්‍රීවරු ඉල්ලති එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද(19) පැවසීය. 19 August 2019
එජාපයේ පසුපෙළ මන්ත්‍රී හමුවක් අද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අද (19) රාත්‍රී 8.30ට පමණ කොල්ලුපිටියේ පිහිටි ඇමති සුජීව සේනසිංහ මහතාගේ නිවෙසට රැස්වීමට නියමිතය. 19 August 2019
‘මෙහෙවර පියස’ ජනපති - අගමැති සුරතින් හෙට ජනතා අයිතියට කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර පියස නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් හෙට (20) ජනතා අයිතියට පත්වන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද(19) ප්‍රකාශ කළේය. 19 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026