(චන්ද්‍රසේන ගමගේ)
මැදමුලන මංසන්ධියේ පිහිටි උප තැපල් කාර්යාලය සොරු බිද ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පසුගිය ඇදිරි නීතය ක්‍රියාත්මක වු කාලය තුළදි උප තැපල් කාර්යාලයේ ජනේලයක් ගලවා උප තැපල් කාර්යාලයට ඇතුළු වු සොරුකු එහි ඇති සේප්පුවද කඩන්නට උත්සාහ ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
ඇදිරි නීතිය අවසන් වූ අද (11) දින උප තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උප තැපල් කාර්යාලයට සොරකු ඇතුළුවී ඇති බව එහි ගිය සේවකයින්ට දැක ගන්නට හැකි වි තිබේ.
තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පැමිණ අද (11) සවස විමර්ශන සිදු කළ බවද සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් විමර්ශන ආරම්භ කර ඇති බවද දැන ගන්නට තිබේ.
මැදමුලන උප තැපල් කාර්යාලය පිහිටා ඇත්තේ ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට ආසන්නයේ වන අතර ඊට නුදුරුව පොලිස් මුරපොලක්ද මේ දිනවල පිහිටුවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්ඩ බෑනේ? කට්ටිය කොළඹනේ උන්නේ? කොරෝන හින්ද ගමේ ගියාද?
මැදමුලන කොහෙද - හොරු එතන , හොරු කොහෙද - මැදමුලන එතන. මේ ගැන මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා තමයි දැන් දැන් විදේශ ආධාර භාණ්ඩ වශයෙන් දෙන්නේ... ඉස්සර දුන්නේ කෑෂ් වලින්. එ්ත් සුනාමි කෑෂ් වලට කෙළියට පස්සේ, සුද්දෝ ආධාර වශයෙන් කෑෂ් දෙන්නේ නැහැ. දැන් එවන්නේ භාණ්ඩ පමණයි. මේකට ඒ නායකයාගේ හිත රිදිලාලු තියෙන්නේ.
හොරුන්ට ප්‍රසිද්ධ පළාතක් නේද...?
ඔය තුට්ටු දෙකට ඒ අය මහන්සි වෙන්නේ නෑ. කුට්ටිය කඩාගන්න තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් එක චීනෙට දුන්නේ සද්දේ වහලා.
පොඩි අය පොඩි හොරකම් කරනවා... ලොකු අය මහා පරිමාණ හොරකම් කරනවා.
ඇයි මෙච්චර පරක්කු? චන්දිම කිව්වා වගේ කොළඹ හිටි නිසා වෙන්ටැ...!!!
අපේ රජතුමා ගමේ ගිහින් වගේ...
බැංකු කඩලා අවසන්. කෞතුකාගාරය තමන්ගේ එකනේ. දැන් ඉතිරි තැපැල් හල විතරයි....
කවුද හොරා?
ඕක ගමේ පුරුද්ද...
මැදමුලනේ නේ... ඕක ඔය තරම් දෙයක් නෙවෙයි.... ඒ ගොල්ලෝ ඉතිහාසගත වෙලා ඉවරයි. මොකෝ ඒ පැත්තට සුනාමි සල්ලි එහෙම හම්බ වුණේ නැහැයිලුණේ... දැන් කොරෝනා සල්ලිත් හම්බවෙලා නැහැයිලුනේ...
තැපැල් කාර්යාලය කඩන තක්කඩියන් ඉන්නවා නම් කොහොමද ඡන්දයක් තියන්නේ...?
හොරුන්ගෙත් හොරු.... කම්බා හොරු...!
ළඟම පිහිටා ඇති වලව්වේ තමයි ඔක්කොම හොරු නවාතැන් ගත්තේ...
ඒ හොරුන්ට අමතරව තවත් හොරුන් එම ගමේ සිටිත්ද ?
ඒ හොරුන්ට අමතරව තවත් හොරුන් එම ගමේ සිටිත්ද ?
ඔය පැත්තේ කට්ටිය ගැන ආයේ අහන්න දෙයක් නෑ.
ඕක පුරුදු වුනාම ලේසියෙන් අත්හරින්න හිතෙන්නේ නෑ.
හොරාගේ දේ හොරාගන්න තරම් දක්ෂයින් තමයි ඔය ඉන්නේ.
අහන්න දෙයක් නැහැ... කෞතුකාගාරයක් ළඟ තියෙන නිසා අර කොළඹ කටු ගෙයට පැන්න හොරා ඔය පැත්තේ එන්න ඇති....
කජුනම් - කජුගම, මැංගුස් නම් - කළුතර, හොරුනම් - ?...
මේ යාලු ඔයැයිලා එහෙම හිතුවට ඒක කරේ එයැයිලා නෙමෙයි.