IMG-LOGO

සූදානම් කළ දුම්රිය 47 කින් ධාවනය කෙරුණේ 10 යි

 

(ඩයනා උදයංගනී)
රාජකාරී කටයුතු සඳහා කොළඹ නගරයට පැමිණි පිරිස් වෙනුවෙන් අද (11) දින ධාවනය කෙරුණු දුම්රියන්හි ගමන් කිරීමට මගීන් 2,800ක් පමණ ඉල්ලීම් කර තිබුණද ඒවායේ ගමන් කර ඇත්තේ මගීන් 997 දෙනකු පමණක් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉල්ලුම් කළ පිරිස් වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා දුම්රිය 47ක් යොදවා තිබුණත් එම සියලුදෙනා නොපැමිණීම නිසා ධාවනය කෙරුණේ දුම්රිය 10ක් පමණක් බව ද ඇමතිවරයා කීවේය.

ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශය මත රාජකාරියට පැමිණි අත්‍යාවශ්‍ය සේවකයින්ගේ ගමන් පහසුව උදෙසා එම ආයතන විසින් ඉල්ලුම් කළ පිරිස් වෙත ගමන් පහසුකම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙම දුම්රිය ධාවනය කෙරිණි.

එමෙන්ම දිවයින පුරා බස්රථ 5,200ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබුණත් ධාවනය වූයේ බස්රථ 3,200ක් පමණක් බවද ඇමතිවරයා සඳහන් කළේය.

බස්රථවල කාර්ය මණ්ඩලවලට සේවයට වාර්තාකිරීමට නොහැකිවීම නිසා එම ගැටලුව ඇතිවූ බව ද ඇමති මහින්ද අමරවීර මහතා කීවේය.

 



අදහස් (2)

සූදානම් කළ දුම්රිය 47 කින් ධාවනය කෙරුණේ 10 යි

banda Monday, 11 May 2020 07:57 PM

රට යතා තත්වයට පත් වන තුරු දුම්රිය එපා. මේවා ජාතික අපරාධ.

:       0       0

vidya Tuesday, 12 May 2020 02:50 AM

මරණ බිය සෑම සත්වයෙකුටම පොදු දෙයක්.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site