ප්‍රියානි මංගලිකා
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව 11දා විවෘත කෙරුණ නිකවැරටිය නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන සියල්ල වසා දමන ලෙස අද (12) දහවල් පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ට නියෝග කෙරිණි.
නගරයේ කුඩා ව්‍යාපාරිකයන් ප්‍රකාශ කලේ මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් ලබා දුන් සියලු උපදෙස් හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වේදයන් පිළිපදිමින් තම ව්‍යාපාරයන් පවත්වාගෙන යන බවයි.
මේ පිලිබඳව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කලේ නිකවැරටිය නගරයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවත් ,එම ව්‍යාපාරික ස්ථාන තුලට ජනතාව ඒකරාශී නොවන පරිදි වූ නීති රීති පද්ධතියක් ව්‍යාපාරිකයන්ට හඳුන්වා දී,ඒ අනුව ඉදිරියේදී යලි එම ව්‍යාපාරික ස්ථාන විවෘත කර පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන බවයි.
හෝටල් ව්‍යාපාරික ස්ථාන මෙලෙස හදිසියේ වසා දැමීමෙන් තමන් මෙන්ම තම සේවකයන්ද අසරණ වී ඇති බවද,නව නීතිරීති හඳුන්වා දී ,ඒ අනුව ව්‍යාපාර පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන ලෙසද ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටියහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නිකවැරටියේ හෝටල්- ව්‍යාපාරික ස්ථාන වැසීමට පොලිසියෙන් නියෝග
Roy Wednesday, 13 May 2020 01:28 PM
නිකවැරටියේ සහ හැටන් නගරයේ හෝටල් වහන්න කීවට ලංකාවේ අනිත් නගරවල ඒවා පවත්වාගෙන යනවා. හරිම අසාධාරණයි. නගරයෙන් නගරයට නීතිය වෙනස්.