IMG-LOGO

කල්පිටියේ ධීවරයෝ 13ක් සෝමාලියාවේ සිර වෙති

(පද්මා කුමාරී කංකානම්ගේ )

ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කල්පිටිය,කන්ද කුළිය සහ තලවිල පදිංචි මෙම ධීවරයින් 13 දෙනා බහු දින යාත්‍රා දෙකකින්,2020 ජනවාරී 20 දින මෙරටින් සෝමාලියාව බලා පිටත්ව ගොස් ඇත.

එහි එරට වැසියන් හා එක්ව කෙන්දන් පන්නය නම් ධීවර රැකියාවේ නිරත වූ බවත්, මසක වැටුප් තමන්ට ලැබුණු බවත් මෙම ධීවරයෝ පවසති.

ඉන්පසු එරටේ ද ඇතිවූ කොරෝනා උවදුරත් සමග,තමන්ට රැකියා සහ වැටුප් අහිමි වී,සෞඛ්‍ය වශයෙන් ද අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටී,කෑම් බීම පවා නොමැති බව ඔවුහූ වැඩි දුරටත් පවසති.

අප මේ ගැටලුව පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසිමක් කළේය.

ඒ මහතා පැවසුවේ මේ ධීවරයින් පිළිබදව නිසි තොරතුරු සොයා බළා,අදාළ නිළධාරීන් හා සාකච්ජා කර නිසි පියවරක් ගැනීමට ක්‍රියාකරන බව යි.



අදහස් (3)

කල්පිටියේ ධීවරයෝ 13ක් සෝමාලියාවේ සිර වෙති

de silva Tuesday, 12 May 2020 06:31 AM

රට වටේම මුහුද තිබෙන කොට මාළු අල්ලන්න මූදු මංකොල්ල කාරයින්ගෙන් පිරුණු සෝමාලියාවට යන්නේ මේ අයට පිස්සුද?

:       0       0

Male ලංකිකයෝ Tuesday, 12 May 2020 07:29 AM

අපිත් මෙහෙ මාලදිවයිනේ හිරවෙලා. ලංකාවේ මහා එවුන්ට ගානක්වත් නෑ ආණ්ඩුවට ඕනෑ ඡන්දෙ මිසක් ලාංකිකයන් නෙමෙයි. මතක් වෙන්නේම ඔලුව තදින් නරක් වෙච්ච (ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ) - දීපාල්ගේ සින්දුවයි...

:       0       0

ravi Tuesday, 12 May 2020 08:53 AM

කුඩු බානවද ..? කුඩු පටවනවද? මේ පාට් එකනම් මට ඇල්ලුවේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site