තුසිත කුමාර ද සිල්වා
ඇඳිරිනීතිය අඛණ්ඩව පවතින කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ධීවර වරාය තුළදී නැවත දන්වන තුරු සාමාන්‍ය ජනතාවට සිල්ලර මසුන් අලෙවිය තවදුරටත් නවතා ඇති බව බේරුවල ධීවර වරාය කළමනාකාරිත්වය අද (10) පැවසීය.
සාමාන්‍ය පරිදි දිස්ත්‍රික්කයේ සෙසු කටයුතු සඳහා විවෘත කිරීම පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවැති රැස්වීමකින් අනතුරුව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා මේ අදහස් ප්‍රකාශ කළහ.
බේරුවල ධීවර වරාය තුළින් පසුගිය මාර්තු මස 16 වන දින සිට මැයි මස පළවන දින වන විට මසුන් කිලෝ 23 50 000ක් තොග වශයෙන් අලෙවි කර ඇති බවත් එම මත්ස්‍ය ප්‍රමාණය විවිධ වර්ග වලින් සමන්විත වූ අතර එම මත්ස්‍ය ප්‍රමාණය දින 46 ක කාලයක් තුළදී බහුදින යාත්‍රා 433 කින් බේරුවල ධීවර වරාය තුළට රැගෙන ආ යාත්‍රාවල මත්ස්‍ය අස්වැන්න බවත් ඒ මහතා පැවසීය.
අඛණ්ඩඇඳිරි නීතිය ක්‍රියාත්මක මාස එක හමාරක කාලයක් තුළ ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ මත්ස්‍ය අස්වැන්න සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර අලෙවි කර දීමට බේරුවල ධීවර වරාය කළමණාකාරීත්වය කටයුතු කළ බවත්ය.
යම් හෙයකින් කොරෝනා වයිරසය තත්ත්වය බේරුවලට බලපෑම හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ධීවර ජනතාව මහ සයුරේ සිට මෙගොඩට ගෙන්වා මත්ස්‍ය අස්වැන්න වරාය පරිශ්‍රය වසා තැබුවේ නම් විනාශ වීමට ඉඩ ඇති අතර එම මසුන් අලෙවි කිරීමට හැකිවීම ධීවර ජන ජීවිතය නගාසිටුවීමට පිටුවහලක් බවත් වරාය කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd