මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරොනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියන 04 ඉක්මවා ඇති බව ඇමරිකාවේ කොරෝනා වයිරස පිළිබඳ පර්යේෂණ සිදුකරන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
එහි දත්ත වලට අනුව ලෝකයේ මේ වනවිට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 4 100 729කි.
ලොව පුරා කොරෝනා ආසාදිත මරණ 280 431ක් සිදුවී තිබේ.
කොරෝනා වයිරසයෙන් ලෝකයේ වැඩිපුරම පීඩාවට පත්වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
ලෝකයේ තහවුරු වූ රෝගීන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර ලොව පුරා සිදුවූ මරණ වලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ද ඇමරිකාවෙනි.
කෙසේ වුවද සැබෑ ආසාදන සහ මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වි ඇති සංඛ්‍යා වලට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවට බෙහෝ විද්වතුන් අනතුරු අඟවා තිබේ. බොහෝ රටවල පරීක්ෂණ සිදුකරන්නේ අඩු ප්‍රමාණයක් බැවින් බොහෝ දත්ත මගහැරෙන බව ඔවුහු පෙන්වා දෙති.
බොහෝ රටවල දෛනික මරණ සංඛ්‍යාව පහත වැටෙමින් පවතින නමුත් අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීම දෙවන ආසාදන රැල්ලකට හේතුවිය හැකි බව ද වෛද්‍ය විශේෂඥයෝ පවසති.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2497
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලොව පුරා කෙරෝනා රෝගීන් මිලියන 4 ඉක්මවයි
Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 09:05 AM
කොරෝනා චීනයෙන් ඇරඹුණු නිසා ඒතරම් ගානක් නැහැ. ඒත්, අපේ රටෙන් බෝඋනා නම් අපට විරුද්ධව ලෝකයේ මොනතරම් හඬක් නැගේවිද ?