IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘‘ආර්ථික කටයුතු නැවත ආරම්භ කරන්න අවශ්‍යයි‘‘

දැඩි විපරමෙන් සහ සෙමින් ආර්ථිකය විවෘත කිරීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ නිවාස කටයුතු අමාත්‍ය රොබට් ජෙනරික් අද (10) පැවැසීය.

‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ආණ්ඩුවේ සැලැසුම් ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍යවරයා රූපවාහිනිය ඔස්සේ රටවැසියන් අමතමින් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීම පිළිබඳ දැනුම් දීමට නියමිතය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ‘ලොක්ඩවුන්’ සීමා පනවා මේ වනවිට සති හතක් ගත වී ඇත. ජීවිත ආරක්ෂා කරගැනීම සඳහාත් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාත් නිවෙස්වලට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ‘

‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ලොවපුරා අනෙක් රටවල මෙන් බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ද අකර්මන්‍ය විය.

‘‘නිවසේ සිටින්නැයි පණිවුඩය නැවත යාවත්කාලීන කරන්න වුවමනා නැහැ. අපි ඊට පුළුල් පණිවුඩයක් දෙනවා. ඒ නිසා ඉතා සෙමෙන් සහ දැඩි පරෙස්සමෙන් රට විවෘත කරන්න ඕනෑ. ආර්ථික කටයුතු නැවත ආරම්භ කරන්න ඕනෑ’’ යැයි අමාත්‍ය ජෙන්රික් ‘ස්කයි’ පුවත් සේවය පැවැසීය.

ලොක්ඩවුන් සීමා ඉවත් කළ ද කොන්දේසි සහිතව ඒවා ඉවත් කරන්නේ යැයි ජෙන්රික් කීය.

අල්ජසීරා

055



අදහස් (2)

‘‘ආර්ථික කටයුතු නැවත ආරම්භ කරන්න අවශ්‍යයි‘‘

de silva Monday, 11 May 2020 02:36 AM

එහෙම කරන්න එපා. අනිල් ජාසිංහ දොස්තර මහත්මයා සහ පවිත්‍ර නෝනා යන දෙදෙනාගෙන් උපදේශ ගත්ත නම් ඔය ප්‍රශ්නේ ලේසියෙන්ම බේරගන්න පුළුවන්. ලංකාවේ මොඩ්ල් එකට මුළු රටටම ඇදිරි නිතිය දමා මාස 6 ක් විතර තියන්න. එතකොට කොරෝන නිකම්ම සුව වෙනවා.

:       176       0

Hydroxychloroquine Local agent Monday, 11 May 2020 04:36 AM

අපේ නාකි දේශපාලකයෝ සෙට් එකක් නම් කලින් කිව්වා "ඇයි රට වැහුවේ රටේ ආර්ථිකය වැටෙනවා " කියලා. දැන් එයාලම අහනවා "ඇයි රට අරින්නේ " කියලා..

:       0       201

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site