IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ස්වයං නිරෝධායන නීති කඩ කළාට 10,000 ක් දඩ

(ඩී.ජී.සුගතපාල)

ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළ පුද්ගලයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (14) රුපියල් 10,000  දඩයක් නියම කළාය.

මෙසේ දඩ නියම වුයේ ගාල්ල හිරිඹුර පටුමග පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුටය.

මෙම පුද්ගලයා සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ රියදුරෙක් වන අතර සංචාරකයින්ට කොරෝනා වැළඳි ඇති බවට වු සැකය මත කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තම අධික්ෂණය යටතේ ඔහු මාර්තු මස 30 වනදින සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

එහෙත් ඔහු ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් ඒ පිළිබඳ අද අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු ඒ පිළිබඳ සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යාමටත් මේ සම්බන්ධ නඩුව අද දින කැඳවිමටත් නියම කළාය.

ඒ අනුව පොලිස් ආරක්ෂාව යටතේ මොහු එදිනම සවස සුව සැරිය ගිලන් රියකින් හිරිඹුර ඔහුගේ නිවසේ සිට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදී.

කොවිඩ් 19 රෝග පැතිරි යන කාලයේදි නිවස තුල ස්වයං නිරෝධායනය වන ලෙස කරන ලද ආඥාවට අකීකරුවිම සහ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දි තිබියදි නිවසේ රැඳි නොසිට රෝග පැතිවිය හැකි  ලෙස නොසැළකිලිමත්ව ක්‍රියා කරමින් අසල නිවාස වෙත සංචරණය කිරිම යන චෝදනා දෙක යටතේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ 136(1)(ආ) වගන්තිය අනුව   මෙම නඩුව පවරා තිබිණ.

ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්වන එල්.එල්.ඉන්දික චාමින්ද සහ චිරන්ත ගුරුගේ යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

 

 



අදහස් (1)

ස්වයං නිරෝධායන නීති කඩ කළාට 10,000 ක් දඩ

jayath Thursday, 14 May 2020 11:11 AM

මෙ වගේ එවුන් යවන්න හොදයි අඹෙවෙලට...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site