IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නව ඉන්දීය මහ කොමසාරිස් විඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර බාරදෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දෙරට අතර මිත්‍රශීලී සහ විවිධ ක්ෂේත්‍රවල සබඳතා සඳහා ලබාදෙන වැදගත්කම මෙන්ම පොදු අභියෝගවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියාව කැප වී සිටින බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (14) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර සිටින ගෝපාල් බාග්ලේ මහතා අද  (14) විඩියෝ තාක්ෂණය ඔස්සේ සිය ධුරයේ වැඩ බාරගනිමින් ඒ බව සඳහන් කළේය.

නව්‍යාකාරයකින් අක්තපත්‍ර බාරදීමේ සාම්ප්‍රදායික උත්සවය සූදානම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය පළ කළ නව මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මතු වී ඇති අභියෝග ජයගැනීමට තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම සහ වසංගතය පාලනය කිරීමේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නායකත්වය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද එහිදි පෙන්වා දුන්නේය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ තවදුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අදහස් දැක්වූ ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ එරට ඉන්දීය ජනතාවගේ උණුසුම් සුබපැතුම් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලාංකික ජනතාවට පිරිනමන බව ද කීවේය.

ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාවලට ඉන්දියාව ලබාදෙන සුවිශේෂී වැදගත්කම පිළිබඳව මෙහිදි සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා දෙරට අතර පවත්නා සමීප මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාවය වර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉන්දියාවේ ඉහළම තලවල ඇති දැඩි කැපවීම ද සඳහන් කළේය.

ස්වභාවික ව්‍යසන හෝ දැනට මුහුණ දී ඇති කොව්ඩ් වසංගතය හෝ ශ්‍රී ලංකාව මුහුණදෙන ඕනෑම අසීරු අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන ඉන්දියාව සෑමවිටම ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍යය වී ඇති බව ද නව මහ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය.

එක් රටක් නියෝජනය කරමින් තවත් රටක තානාපති ධුරයට හෝ මහ කොමසාරිස් ධුරයට පත්වන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අදාළ රටේ රාජ්‍ය නායකයාට අක්තපත්‍ර බාරදීම රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ක්‍රමවේදය යි.

‘කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් කිරීමට සිදුව තිබෙන අතර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයට ද නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර බාරදීම සනිටුවහන් කරන ලදි.

විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අක්තපත්‍ර බාරදීමේ උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ට අමතරව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරාග් ශ්‍රීවස්තාවා යන මහත්වරු ද එක්ව සිටියහ.

ගෝපාල් බාග්ලේ මහතාට පෙර මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ තරංජිත් සින් සන්ධු මහතා ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත්වීමට පෙර ගෝපාල් බාග්ලේ මහතා 2017 වසරේ සිට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඒකාබද්ධ ලේකම් වශයෙන් කටයුතු කළේය.

055

 



අදහස් (0)

නව ඉන්දීය මහ කොමසාරිස් විඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site