හෙට - අනිද්දා ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි ඉල්ලීමක් වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් හෙට (30) උදෑසන 6.00 සිට අනිද්දා (31) උදෑසන 8.00 දක්වා පැය 26 ක කාලයක් ධීවර කටයුතුවල නොයෙදෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 29 August 2019
නවක වධයෙන් සිසුවකුගේ කොඳුඇට පෙළට හානි කළ අය සොයා පරීක්ෂණ දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ඉගෙනුම ලබන සිසුවකු මාස දෙකක කාලයක් අමානුෂික ලෙස නවක වධයට ලක්කර කොඳු ඇට පෙළට හානි කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ සිසුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 29 August 2019
කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගය 10දා රසායනාගාර වාර්තා ප්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා සිට විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළහ. 29 August 2019
ගාස්තු රහිත වීසා පහසුකම් ජනවාරිය දක්වා දීර්ඝ කරයි රටවල් 48ක් සඳහා ලබා දී ඇති නොමිලයේ වීසා පහසුකම් වැඩසටහන ලබන ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 29 August 2019
අ’පුර කෘෂි රසායනික ගබඩාවක් ගිනි ගනී අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසට ආසන්නව පිහිටි කෘෂි රසායනික ද්‍රව්‍ය ගබඩාවක අද(29) හදිස්සියේ ඇතිවූ ගින්නකින් එම ගබඩාවේ කුටි 2ක් විනාශ වී ඇත. 29 August 2019
ඇමැති සුජීව එජාප මහලේකම්ගෙන් කරුණු විමසයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කළ බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති බැවින් එවැනි සාකච්ඡාවක් සිදුවීද යන්න ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්නැයි ඉල්ලමින් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුජීව සේනසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් අද(29) යොමු කර ඇත. 29 August 2019
හිටපු දුම්රිය අධිකාරි - සාමාන්‍යාධිකාරීට ඇප හිටපු දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයාට සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහි අධිචෝදනා පත්‍ර ඔවුන්ට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අද (29) නියම කළේය. 29 August 2019
‘ආරක්ෂාව සාර්ථකදැයි තීරණයවන්නේ තොරතුරු භාවිතකරන ආකාරය අනුවයි’ ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ සාර්ථකත්වය තීරණය වන්නේ තොරතුරු ලැබෙන්නේ කෙසේද එම තොරතුරු භාවිත කරන්නේ කෙසේද යන කරුණු මත යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹදී අද (29) පැවැසීය. 29 August 2019
‘අංගොඩ ලොක්කා’ගේ සඟයෝ 3ක් අත්අඩංගුවට හංවැල්ල පහත්ගම ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අංගොඩ ලොක්කා’ නමැත්තාගේ සමීපතම පාතාල සඟයන් තිදෙනෙකු අද(29) අංගොඩ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 29 August 2019
අමරවීර - දයාසිරි - ලසන්ත ගෝඨා හමුවෙන්න යති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. 29 August 2019
සිසුන් 13ක් අපයෝජනය කළ ගුරුවරයාගේ වැඩ තහනම් හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 13දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම සැකකාර ක්‍රීඩා ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙළ මහත්මිය පැවසුවාය. 29 August 2019
අගමැති ඉල්ලුවේ වාර්තාවක් පමණයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ රුපියල් කෝටි 120ක් අතුරුදන් වී ඇති බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දි ඇත්තේ කරුණු සොයා වාර්තාවක් දෙන ලෙස පමණකැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි. 29 August 2019
සිසුන් අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ් හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම ගුරුවරයා සැප්තැම්බර් 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පස්සර මහේස්ත්‍රාත් චමින්ද කරුණාරත්න මහතා අද(29) නියෝග කළේය. 29 August 2019
රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි නියෝග බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක මහතාට අද (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක තුන ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. 29 August 2019
පලෙයි වෛද්‍යවරයා සමඟ සබඳතා පැවැත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 29 August 2019
වවුනියාවේ ඉඩමකින් ඩෙටනේටර් - වයර් සොයාගනී වවුනියාව, කොවිල්කුලම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් සහ වයර් තොගයක් අද (29) දහවල් සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි. 29 August 2019
වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දැමේ වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය කියයි. 29 August 2019
‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ ඇරැඹේ ශ්‍රී ලංකා යුද හමුදාව අඛණ්ඩව නවවැනි වරටත් සංවිධානය කළ ‘කොළඹ ආරක්ෂක සමුළුව’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ විය. 29 August 2019
ලක්ෂ 19ක චීන දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතිකයකු අද(29) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 29 August 2019
එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. 29 August 2019
ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු දිවයිනට ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා ශ්‍රී ලංකාවේ තුන්දින සහයෝගීතා නිල සංචාරයක් සඳහා අද (29) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 29 August 2019
කල්පිටිය පොලිස් ස්ථානය පෞද්ගලික නිවසක කල්පිටිය පොලිස් ස්ථානය දැනට පවත්වාගෙන යන ස්ථානයෙන් ඉවත් කිරීමට, උසාවියෙන් උපදෙස් ලබා දී ඇතත් සුදුස් ස්ථානයක් නොමැතිකමින් පෞද්ගලික නිවසක පවත්වාගෙන යන බව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍රසේන මහතා පැවසීය. 29 August 2019
පන්නල රක්ෂිතයක තිබී ක්ලේමෝ බෝම්බ 3 ක් හමුවෙයි පන්නල පරගම්මල රක්ෂිතයේ තිබී පැති බෝම්බ (ක්ලේමෝ) තුනක් සහ බිම වළලන ලද කුඩා බෝම්බයක් (බට්ටෝ) කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 28 August 2019
සිසුන් 11 ක් අපයෝජනය කළ ගුරුවරයෙකු පොලිසියට බාරවෙයි හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසලේම ගුරුවරයෙකු අද (28) බදුල්ල පොලිසියට බාර වූ බව පොලිසිය පවසයි. 28 August 2019
මඩකලපු විරෝධයට වියාලේන්ද්‍රන් ඇතුළු 5 කට නොතීසි මඩකලපුව දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා ඇතුලු පස්දෙනකුට මෙම 30 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත්වරයා අද (28) නොතිසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 28 August 2019
විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන්ට නොතිබූ බව රංජන් කියයි තමන්ට විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත් තමාගේ අරමුණ වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම යැයි තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණ අපහාස නඩුව අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය. 28 August 2019
ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි ඔක්තෝබර් 14 වැනිදා දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අද (28) නිවේදනය කළේය. 28 August 2019
එල්.ටී.ටී.ඊ හැඳුනුම්පත් හැදීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩ නැගීම සඳහා කටයුතු කරායැයි සැලකෙන පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 28 August 2019
සුප්‍රසිද්ධ නඩු 3කට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු 3ක් රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන්ට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් අද (28) පත් කරන ලදී. 28 August 2019
කුඩු ජාවාරම්කරුවෙක් ජීවිතාන්තය තෙක් හිරේට අපරාධ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 28 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026