කැනඩා ගුවන් හමුදාවට අයත් යානයක් නිවසක් ඉදිරිපිට භූමියකට කඩාවැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කළ ජෙනිෆර් කේසි නමැති කපිතාන්වරියෙකි.
යානයේ සිටි තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තුවාල ලබා සිටින අතර ඔහු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වුණි.
කෙසේ වුවත් ඔහුගේ ජීවිතයට අවදානමක් නැතැයි රාජකීය කැනඩා ගුවන් හමුදාව පසුව පැවසුවේය.
ස්නෝව්බර්ඩ්ස් වර්ගයේ මෙම ගුවන් යානය කොඩිඩ් වසංගතය වෙනුවෙන් සිය කාර්යය ඉටුකරන කැනඩා ජාතිකයින්ට ආචාර දැක්වීමේ ගුවන් චාරිකාවක නිරතවන අතරතුර අනතුරට ලක්වී තිබුණි.
ගුවන්ගත වීමෙන් සුළු මොහොතකට පසු කම්ලූප්ස් ප්‍රදේශයට යානය කඩාවැටී තිබේ.
එම අවස්ථාවේ නිවැසියන් අනතුරින් බේරීම සඳහා පිටතට දිව ගොස් තිබුණි.
සිද්ධිය ඇසින් දුටු තැනැත්තන් පැවසුවේ යානය කඩා වැටීමට පෙර ගුවන් නියමුවා පැරෂුටයක් ආධාරයෙන් යානයෙන් ඉවතට පැන්න බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ද අමෙරිකාවේ ඇට්ලන්ටාහිදී ගුවන් යානා සර්දර්ශනකට පෙර ස්නෝව්බර්ඩ්ස් වර්ගයේ ගුවන්යානාවක් කඩා වැටුණි.
ජන ශුන්‍ය ප්‍රදේශයක එම අනතුර සිදුවූ අතර අනතුරට පෙර ගුවන් නියමුවා යානයෙන් ඉවත් වී තිබුණි.
-226-
(බීබීසී ඇසුරෙනි)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා උපහාරයකට එක්වූ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
තිවා Monday, 18 May 2020 09:40 AM
ස්නොබර්ඩ්ස් කියන්නෙ ගුවන් යානා වර්ගය නෙවෙයි, කැනඩාවේ ගුවන් සංදර්ශන කරන CRAF කන්ඩායමයි.
Perakum Monday, 18 May 2020 09:50 AM
පයිලට් තමන්ගේ පන බේරගන්න කලින් යානයේ හිටිය අනිත් අය ගැන හිතන්න ඕන නේද ?
isurandiMonday, 18 May 2020 01:57 PM
අපේ රටේ නායකගේ ඉදලා (225 ත් ඇතුළුව ) පොඩි එකා දක්වාම මේ නියමුවා වගේම තමයි...