අධිකරණ ශාලාවේ ජායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීම තහනම් කරයි
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන 501 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ කිසිදු පින්තූරයක් ෆේස්බුක් සමාජ මාධ්‍යවල පළ නොකරන්නැයි , අගවිනිසුරු වරයා අද (20) විවෘත අධිකරණයට පැමිණි පිරිස හමුවේ අවවාද කරමින් කියා සිටියේය.