(ආරියදාස කොඩිතුවක්කු)
අප්‍රේල් 26 වැනි දින දහවල් කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා ධීවර කාර්මිකයින් හය දෙනෙකු රැගෙන මුහුදු ගිය සුරේෂ් බහුදින ධීවර යාත්‍රාව තද සුළං හා රළ පහරට හසුව ඊයේ (19) වන දින අන්දමන් දූලත්වලට ගොඩගසා ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
යාත්‍රාවේ හිමිකරු වන කුඩාවැල්ලේ පදිංචි එල්.වයි. සංජීව නිශාන්ත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පෙලිසියට පැමිණිලිකර ඇත.
ධීවර කාර්මිකයින් හයදෙනා නිරුපද්‍රිතව යාත්‍රාවේ සිටින බවත් ඔවුන්ගේ පණිවිඩ වලින් තහවුරු කරනෙ ඇති බව තංගල්ල නාවික නෞකා රුහුණ ආයතනය පවසයි.
සුරේෂ් බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇත්තේ යාත්‍රාවේ ස්කීපර්වරයා වන ඒ.එන්.ඩී. ඉෂාන්, ධීවර කාර්මිකයින් වන ඩී.ඩබ්. නලීන්, වයි.ජී.එස්. නලින්ද, වයි.ජී.එම්. තිෂාර, එන්.එම්.රුචිර හා එම්.එම්. කවිදු යන හය දෙනා බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd