(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම් තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලූත් පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව දිනෙන් දින කල්යාම රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයට ද හො`ද තත්ත්වයක් නොවන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණය කල්යන විට රටේ පවතින සියලූ ගැටලූ හා අර්බුද තවත් වැඩිවන බව ද සදහන් කළේය.
ඒ නිසා මැතිවරණයක් පැවැත්වීම ඉතා අවශ්‍ය බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මැතිවරණය කියන ප්‍රශ්නයට වඩා පාර්ලිමේන්තුවේ වගකීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රට ගෙනයාම සදහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය අපි තේරුම් ගත යුතු බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි බව ද සදහන් කළේය.
රටේ පවතින ආර්ථික, දේශපාලන හා විවිධ සමාජ ප්‍රශ්න ජයගැනීම ස`දහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍ය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පවතින කොරෝනා තත්ත්වයද සම`ග දේශපාලන ස්ථාවරත්වය තුළ වත්මන් ජනාධිපතිවරයාට රට ඉදිරියට ගෙනියාම සදහා පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම අවශ්‍ය බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම සුවයෙන් ගෙදර හිටියා නං හොඳයි නේද සීයේ?
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව අධිකරණයෙන් තීන්දු ලැබූ කෙනෙකු තමයි මේ රටට උපදෙස් දෙන්නේ. දෙපැත්තම කාලා ආයෙමත් පෙර කාපු පැත්තට ගිහිල්ලා රටට බණ කියනවා. ලැජ්ජාවක් ගෑවිලාවත් නැති මෙහෙමත් මිනිස්සු...
අපිට නම් ඡන්දෙකටත් වඩා ඕනෑ පාස්කු ප්‍රහාරයක් එල්ලවෙන බවට අනතුරු අඟවා තිබියදීත් මිනිසුන් බිලිදී ඒ දවසේ රටෙනුත් පැනලා සිංගප්පූරුවට වෙලා හිටපු කෙනාට දඩුවම් දෙන්න. බලලෝභීත්වයට මිනිසුන් බිලිදුන්න අයව නීතියේ රැහැනට අසුකරන්න.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අමුඅමුවේ කඩපු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහා දවාලේ උල්ලංඝනය කරපු, පාස්කු ප්‍රහාර හරහා රටේ ආරක්ෂාව හා ආර්ථිකය දැනදැනම විනාශ වෙන්න ඉඩ ඇරපු තමුන්නාන්සේට මැතිවරණ ගැන හෝ පාර්ලිමේන්තුව කැඳවීම ගැන කතා කිරීමට කිසිඳු අයිතියක් නැත. කරුණාකර මිනිස්සුන්ගේ ලේ කෝප කරවන්නේ නැතුව කට පියාගෙන ඉන්න...
කෙතරම් විවේචනයට භාජනය වූවත් මා දැඩි කැමත්තෙන් සිටි නායකයෙකි මෛත්‍රී ජනාධිපතිතුමා.... කෙමෙන් ඒකාධිපතිත්වයකට යමින් තිබූ රටට ඔහු හැරවුම් ලක්ෂයක් විය . යම් සාධනීය හා ප්‍රජාතාන්ත්‍රික පියවර කිහිපයක් මුල් අවදියේ ගැනිණි. පසුකාලිනව ඔහුගෙන් විද්‍යාමාන වුයේ ඉතා ළාමක, නොමේරු පෞරුෂයකි. අද ඔහු ඉතා කනිෂ්ඨ දේශපාලකයකු යටතේ චන්දය ඉල්ලයි. බලය ඔහුව යටපත් කළාද, ඔහු බලය යටපත් කළාද යන්න දන්නෙ ඔහුම පමණි.
ඇඳිරි නීතියෙන් පස්සේ අදයි හිටන්ට පත්තරේ ලැබිලා තියෙන්නේ මොනාවා වුණත්... මුහුණ දැක්කම පොඩි විනෝදයක් එනවා. අවුරුදු 4 1/2ක් සුලුපටු විනෝද සමයක්ද රඟදැක්වූවේ? ඉස්සර වගේ පිස්සු වැඩ කරන්නේ නැහැනේ... මාලු ඇතිලිය ඇලට විසිකරලා ඒකෙ හිටිය මාලුවො ඇලේ පිහිනල යනකල් බලන් ඉන්නෙ නැහැ නේද දැන්....
ඊට කලින් හිරේ යන්න ලැහැස්තිවෙන්න...
මෙයා මේ රටටම එපා වුනු කෙනෙක්. රට වල පල්ලට දමලා තව බණ කියනවා.
හප්පෝ, මේ ගොයියාට ඡන්දෙකට යන්න තියෙන හදිස්සිය !!! ඡන්දෙන් පරාද වුණාට පස්සේ කොළඹ සුවිසල් මන්දිරයේ සුවෙන් සැපෙන් ඉන්නවද? නැත්නම් පොළොන්නරුවට ගිහින් ඩඩ්ලි මල්ලි එක්ක හාල් බිස්නස් කරන්න අදහසක් තියෙනවද කියලත් කිවුවා නම් හොඳයි නේද?
පාර්ලිමේන්තුව කියන්නේ තවත් එක සුපිරි මී හරක් ගාලක් පමණක් බව පහුගිය මාස දෙකේ ඔප්පු වුනේ නැද්ද? ඔය හරක් ගාල අටවාගන්න හදන්නේ රට වෙනුවෙන් නෙමෙයි නුඹලාගේ බඩවියත රැකගන්න විතරයි...
කාලෙකට පස්සේ මිස්ටර් බීන් එළියට බැහැලා.
පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු වසන් කරමින් ජීවිත ගණනාවක් විනාශ වීමට ඉඩ හරිමින් තම වගකීම පැහැර හැරි සියල්ලන්ම ඉක්මනින් පරීක්ෂණ අවසන්කර සිරගත කල යුතුයි...
ඔව් ඔව්.., ඉක්මනට පටන් ගන්න ඕනේ... මෙයාලට පිස්සු වැඩ කරන්න.
ඔබතුමාට අවුරුදු හයක බලයක් දීල තිබියදී එය අඩුකර අවුරුදු 5කින් මැතිවරණයට නොගියා නම් මේ කිසිවක් නොවෙන්න තිබුනා කියලයි මම හිතන්නෙ. ඒ වෙලාවේ බලයට කෑදර නැහැ කියන්න බලය තිබෙන කාලය අඩුකලා... දැන් නැවතත් මුල්ම පුටුවේ සිටි ඔබතුමා පසුපෙල පුටුවකට හෝ යන්න උත්සාහ කරනවා.
ඔය බයිලා නොකියා තමුන්ට පාර්ලිමේන්තුවට ඉක්මනට යන්න ඕනෑ කිව්වා නම් ඉවරයිනේ... මොකද පාර්ලිමේන්තුව තිබ්බ කාලේ වුනු දේ ලෝකෙම දැක්කා...
ව්‍යවස්ථාව උල්ලංඝනය කොට යකා නැටීමෙන් මුළු රටම අස්ථාවර කළ මොහුට දඩුවම් දිය යුතුයි.
මෙයාව අත්අඩංගුවට ගන්නේ නැද්ද? පාස්කු ප්‍රහාරයේ තොරතුරු ලැබිලත් ක්‍රියා නොකිරීම ගැන... මෙයානෙ අගමැති පත්කරන්න හැදුවෙ... දැන් ව්‍යවස්ථාවට විරුද්ධව බලෙන් චන්දෙ තියන්න හදනවා...
මෙයා තමා ගිය ආණ්ඩුව කෑවේ. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළා විතරක් නෙවේ හිතුවක්කාර විදියටයි වැඩ කළේ.මේ මනුස්සයා රට කෑවා. ප්‍රාදේශීය සභාවකටවත් වැද්දගන්න එපා.
විමලෙ කියලා තිබුනේ ඡන්දෙ තියන්න ඕන විදිය. කාගෙවත් උපදෙස් අහවල් දේකටද? ඡන්දෙ තිබුණත්, නැතත් අන්තිමට කොයි දේත් සිද්ද වෙන්නේ සහෝදර සමාගමේ අයට ඕන විදියටනේ...