වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල් පවුල් 4,758 කට අයත් 18,430 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.