ඉන්දිකා රාමනායක

ධීවර කටයුතු  සදහා මුහුදු ගොස් සිටියදී වැසි සහිත කාලගුණය හේතුවෙන්  සුළි කුණාටුවට හසුව   ඉන්දුනීසියානු මුහුදු සීමාව ආසන්නයට ගසාගෙන ගොස්  ඇති බහුදින යාත‍්‍රාවලට අවශ්‍ය ඉන්ධන  රැගෙන  නාවික හමුදා ‘සමුදුර’ නෞකාව අද  (21) එම ප‍්‍රදේශය බලා පිටත් වු බව නාවික හමුදාව කියයි.

මෙම පිරිසට  ඉන්ධන හිගයකින් පෙළන බවත් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව   නාවික හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව    මෙලෙස ඉන්ධන රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර්  ඉසුරු සුරියබණ්ඩාර මහතා පවසයි.
 
බහුදිය යාත‍්‍රා 35 ක් පමණ  ඇති බවට වාර්තා වී ඇති බවත්  ඒවා  ඉන්දුනීසියානු මුහුදු සීමාවට ආසන්නයේ  ජාත්‍යන්තර මුදුහු සීමාවේ  සොයා ගැනීම් හා මුදා ග මුහුදු සීමාවේ  තිබෙන බවට තොරතුරු ලැබුණ බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම ධීවර යාත‍්‍රාවල සිටි කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති බවට වාර්තා වී ඇති බවද නාවික හමුදා  කියයි.

මෙම පිරිස   ඉන්දුනීසියානු මුහුදු සීමාව ආසන්නයට  ඇතුලූ ඇත්තේ  සුළි කුණාටුවේ බලබෑම් හේතුවෙන් මිය  නීති විරෝධී ධීවර කටයුතු සදහා නොවන බවද පැවසේ.
(ඡායාරූපය - නාවික හමුදා වෙබ් අඩවියෙනි)