(ටී.කේ.ජී.කපිල )

ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු  රැගත් ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයේ ගුවන් යානයක් අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා විය.

ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් මෙම විශේෂ ගුවන් යානය ජකාර්තා නුවර සිට පැමිණ තිබිණි.

ගුවන් යානයෙන් පැමිණි සියලු දෙනා විෂබිජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලදී.