අරලගංවිලදී සිසුන් 11 දෙනකු කැබ් රියට යට කළ රියදුරු රිමාන්ඩ්
අරලගංවිල,බෝගස්වැව ප්රදේශයේදී පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදුවන පරිදි කැබ් රථයක් පදවා මාරක රිය අනතුරක් සිදුකළ බීමත් රියැදුරා අරලගංවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 24 වැනිදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව මහේස්ත්රාත් අසේලද සිල්වා මහතා අද(10) නියෝග කළේය.