
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මුහුණු පොත හරහා සංවිධානය වී මිල්ලනිය ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණ තරුණියන් 20 ක් අද (09) රාත්‍රීයේ දී මිල්ලනිය කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා දූෂණ මර්ධන ඒකකය කියයි.
අත්අඩංගුවට පත් වූවන් සමඟ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 3 ක්, කේරල ගංජා ග්‍රෑම් 15 ක් , ඩාන්සින් පෙති 10 ක් ,විදේශීය මත්පැන් බෝතල් 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සාදයට සහභාගී වූවන් අතර 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙකු වන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධී දෙයක් වෙනවා නම් නීතිය අනුව වැලැක්විය යුතුයි. හැම දේටම ෆේස්බුක් සාද කියමින් පොලිස් පාට් දැමීම ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඔය දේවල් වලට කඩා පනිනවා නම් මුලින්ම ගිහින් කොළඹ නයිට් ක්ලබ් ටිකයි ස්පා ටිකයි වටලන්න. ඒ තැන්වල ඉන්න අයවත් අත්අඩංගුවට අරගෙන පෙන්වන්න. අන්න එහෙම වෙනවනම් නීතිය සැමටම සාධාරණ දෙයක් කියල පිලිගන්න පුලුවන් .