
(ක.ග.කරුණාරත්න)
අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේදී උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනෙකු බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් පදවාගෙන ගිය කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් සිසුවෙක් මරණයට පත්වී තවත් සිසුන් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන , අරලගංවිල , රත්මල්තැන්න , අංක 14 එච් කොටස ප්‍රදේශයේ පදිංචි රාජපක්‍ෂ මුදියන්සේලාගේ හසින් දේශාන් කරුණාතිලක නැමැති 16 හැවිරිදි සිසුවෙකි.
අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුන් 10 දෙනාද මියගිය සිසුවාගේ වයසේ පසුවන අය බවත් ඔවුන්ගෙන් 06 දෙනෙක් දැනට ප්‍රතිකාර සඳහා අරලගංවිල රෝහලටත් අනෙක් තුවාලකරුවන් 04 දෙනා පොලොන්නරුව මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුකර පලායමින් තිබූ කැබ් රථය සහ එහි රියදුරා ඇතුළු පුද්ගලයෝ තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සිදුකළ විමර්ශන වලදී ඔවුන් සියළු දෙනාම බීමත්ව සිටි බව අනාවරණයවී ඇති බව අරලගංවිල පොලිසිය සඳහන් කළේය.
(ඡායාරූප - නිමල් ජයරත්න)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ජීවිත බිලිගන්නා මෙවැනි නරුමයන්ට ජීවිතානතය දක්වා වාහන පැදවීම තහනම් කළ යුතුයි
ඔය දහ ජරාව විකුණන අයට දඬුවම් කරන්න ඕන.
මත්පැන් නිෂ්පාදනය ගෙන්වීම විකිණීම පරිභෝජනය සම්පූර්ණයෙන් තහනම් කිරීම නව රජයෙන් බලාපොරොත්තුවන උතුම් පින්කමක්. මේ ඔක්කොම විනාශවලට මුල මත්පැන්. අර අහිංසක දරුවො මත්පැන් නිසා ජීවිතයෙන් වන්දිගෙවන්න සිදුවෙලා.
පයෙන් ගමන් දකුණෙන්
ඡන්දෙ දිනපු සතුට නිසා වේගයෙන් ගියාද දන්නේ නැහැ.
ඕක මොකක්ද පසුගිය කාලෙ දේශපාළුවෙක්ගේ ඥාතියෙක් පොලිසියේ කෙනෙක් යටකලා නීති සිසුවෙක් කියලා ඔහුත් නිදහස් කලා මේකටත් එහෙම වෙන්න පුළුවන් වුනාට වාහනයක පිටුපසින් මෝටර් බයිසිකලයක් හප්පාගෙන අණතුරක් කරගත් කෙනාට සහායට ඉදිරියෙන් වාහනය පැදවූ කෙනාට සිතාසි
මරණ දඬුවම දිය යුතුයි.
කරුණාකර රියදුරු බලපත්‍රය අවලංගු කරන්න.
දැන් ඔය කැබ් එකේ රියදුරා කිව්වොත් ඕන කමින් හැප්පුවෙ නෑ කියලා මිය ගිය දරුවා වෙනුවෙන් ඒ පවුලට ලක්ෂ 10ක් හරි 20ක් හරි දෙනවා කියලා ඔහුව නිදහස් කරනවාද?