IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මුදල් - නිවාස අමාත්‍යාංශ අගමැති මහින්ද යටතට

(අජන්ත කුමාර අගලකඩ)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් අමාත්‍යධූරය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගන්නැයි යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයිද වාර්තා වේ.

දිනේෂ් ගුණවර්ධන මහතාට විදේශ ඇමැති ධූරයද , පවිත්‍රා වන්නි ආරච්චි  මහත්මියට සෞඛ්‍ය අමාත්‍යධූරයද , චමල් රාජපක්ෂ මහතාට වාරිමාර්ග ඇමැතිධූරයද , මහින්දානන්ද අලුත් ගමගේ මහතාට කෘෂිකර්ම ඇමැතිධූරයද , ප්‍රසන්න රණතුංග මහතාට සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැතිධූරයද ,  කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ජනමාධ්‍ය ඇමැතිධුරයද , ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාට අධිකරණ ඇමැතිධූරයද , නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා ඇමැතිධූරයද යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

එසේ වුවද මේ තනතුරු වලට පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද පැවසේ.

ආචාර්ය නාලක ගොඩහේවා , ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ටද ඇමැතිධූර ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ.

ඉකුත් කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සියලු දෙනාටම ඇමැතිධූර ලැබීමට නියමිත බවද වාර්තා වේ.

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අනිද්දා (12) පෙරවරුවේදී මහනුවර මගුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය.



අදහස් (25)

මුදල් - නිවාස අමාත්‍යාංශ අගමැති මහින්ද යටතට

siri Sunday, 09 August 2020 05:03 PM

26 දෙනයි කියලා නේද ප්‍රචාරය කලේ.?

:       0       110

pradeepa Sunday, 09 August 2020 05:23 PM

හොඳ හොඳ ඒවා රාජපක්ෂලා බෙදාගන්නවා හැමදාම මේ සැරෙත් ඒ වගේනේ.?

:       47       207

Sanath Kandy Sunday, 09 August 2020 06:21 PM

කොහෙන් හරි ලොකු ණයක් ලැබෙනවා ඇති ගෙවල් හදන්න.

:       148       569

sumedha rathnayake Monday, 10 August 2020 01:06 AM

නුවර මගුල් මඩුවේ මොන දිවුරුම්ද.? අපරාදේ වියදම්.?

:       97       307

සමිත සේනක අලුත්ගමගේ. Monday, 10 August 2020 01:24 AM

ජනතාව කෙතරම් බලයක් දුන්නේ විශාල විශ්වාසයක් ඇතිව එසේ හෙයින් ඉදිරියට රට හොඳින් කළහු කළහොත් බලය සැමදා තබාගත හැකි ඊළඟ වරද වාරයේ දී ද බලයට එන්නට පුළුවන්

:       8       98

සමිත සේනක අලුත්ගමගේ. Monday, 10 August 2020 01:54 AM

ජනතාව මේ තරම් විශාල ජන බලයක් ලබා දුන්නේ විශාල විශ්වාසයක් ඇතිවයි. ඒ නිසා මොනම හේතුවක් නිසා වත් ඇමති තනතුරු සඳහා නොසුදුස්සන් පත් නොකිරීම ඉතා වැදගත්. නැවත වැරදි සිදු වුවහොත්, ජනතා තීන්දුව අනිත් පැත්තට ගමන් කරාවි.

:       0       650

kamalMonday, 10 August 2020 05:52 AM

ඊයේ දීලා දැන් පසුතැවෙනවා වගෙයි.

:       1153       531

සමිත සේනක අලුත්ගමගේ.Monday, 10 August 2020 06:38 AM

මා ඡන්දය දැම්මේ නෑ. මා එහෙම පසු තැවෙන්නේත් නැහැ. මා ගැන වැඩක් නැහැ. ඔබට අදාල පුවතට කෙලින්ම යමක් ලිවීමේ ආත්ම ශක්තියක් නැහැ. කුහකයෙක් වෙන්න එපා. මේක මහජන මතයයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Monday, 10 August 2020 07:49 AM

ඔබ වලිගය පාගාගෙන කතා කරන්නේ....

:       0       0

Prasad Monday, 10 August 2020 02:00 AM

අවුලක් නැහැ, එතුමා සල්ලි ටික පරිස්සම් කරාවි.

:       192       209

Nimal Monday, 10 August 2020 04:01 AM

විමල් ඇමතිතුමාගේ නිවාස අමාත්‍යංශය එතුමාට අහිමි කරන්නේ ඇයි.?

:       602       364

Kamal KoyralaMonday, 10 August 2020 05:42 AM

ඇයි පවුලේ අයට බෙදන්නද.?

:       73       172

piyalMonday, 10 August 2020 05:53 AM

ඔහුගේ පවුලේ සියලු දෙනාටම ගෙවල් දීලා ඉවර නිසා.

:       1       335

සමන්ත Monday, 10 August 2020 04:43 AM

වෛද්‍ය රමේෂ් පතිරණ සහ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල දෙන්නම ඉන්නකොට පවිත්‍රාට සෞඛ්‍ය ඇමතිකම දෙන එකනම්...

:       203       213

Kmal Koyrala Monday, 10 August 2020 05:45 AM

වාරිමාර්ග සහ කෘෂිකර්මය එකම විෂයපතයකට ගැනෙන්නේ එයට එක ඇමති කෙනෙක් ඇති.

:       1       38

SamanFriday, 14 August 2020 12:45 PM

කොයිරාල නම තිබෙන්නේ නේපාලයේ පමණයි. ලංකාවේ නැහැ. ඒ රටේ නම් වාරි මාර්ග සහ කෘෂි එකට ඇති නමුත් මේ එකම චිත්‍රයේ අංශ දෙකක්.. ලංකාවේ අපි ලංකාවට සහ අලුත් ලෝකයට ගැලපෙන පරිදි වැඩ කරමු.

:       0       0

සමන්ත Monday, 10 August 2020 05:57 AM

හැන්ද අතේ තියෙන්නෙ. කැමති විදියට බෙදා ගන්න තුනෙන් දෙකකුත් මිනිස්සුම දීල තියෙන්නෙ. දැන් නහයෙන් අඩන්නෙ නැතුව ඉවසගෙන ඉන්න තමයි තියෙන්නෙ. මොකද එයාල කරන්නෙ එයාලට ඕන දේ විතරයි. පැරදුන අය ආවනම් ඒත් එච්චරම තමයි. මැරිල ඉපදිලා නෙමෙයි නෙ. අවුරුදු ගාණක් බලයෙ ඉදල නොකරපු දේවල් මේ අවුරුදු පහට කොහොමත් කරන්නෙ නෑ.

:       56       301

ශන් Monday, 10 August 2020 05:57 AM

මගේ අදහස නම් රාජපක්ෂවරුන්ට ජනාධිපති, අගමැති තනතුරු දෙක විතරක් ප්‍රමානවත්. හැම දිස්ට්‍රික්කයක්ම නියෝජනය වෙන ලෙස ඇමති තනතුරු උගතුන් අතර බෙදා දිය යුතුයි.

:       133       237

අතුල සෞදි Monday, 10 August 2020 06:14 AM

මේ පොස්ට් බැලුවම පේන්නෙ, ජනාධිපතිට රට කරන හැටි කියලා දෙන්නෙ, 23% පරාජිතයොයි, 3% අයයි වගේ.

:       19       1

CITIZEN Monday, 10 August 2020 06:14 AM

කාට දුන්නත් කමක් නැහැ. මොකද මෙතන අමාත්‍යවරයා හෝ අමාත්‍යවරිය මත නොවෙයි අමාත්‍යංශක කටයුතු තීරණය වෙන්නේ. අදාළ නිලධාරීන් මත. ඒ නිසා එම එක් එක් අමාත්‍යංශයට විෂය කරුණු ගැන හොදට දැනුම තියෙන ලේකම්වරයෙක් සිටීම ප‍්‍රමාණවත්. අමාත්‍යවරයා හෝ අමාත්‍යවරියගේ රාජකාරිය වන්නේ ඉදිරිපත් කරන නිර්දේශ, තීරණ, රජයේ වැඩපිළිවෙල යටතේ කි‍්‍රයාත්මක කිරීම සහ කළමනාකරණය. ඒත්, අවධානය යොමුකළ යුතුම දේ තමයි අමාත්‍යංශ කොයි තරමක් ඇති කරන්න යනවා ද, කියන එක. එක එක අයගේ හිත සනසවන්න මේ සැරේවත් අමාත්‍යංශ ඇති නොවීම වැදගත්.

:       0       0

sharm warn Monday, 10 August 2020 08:20 AM

සමන්ත, ඔයාට යමක් කමක් තේරිලා වගේ...

:       0       0

සත්‍යපාල Monday, 10 August 2020 09:56 AM

මුදල්, නිවාස දෙක හොඳටම මදි . තව නැද්ද.?

:       0       0

kap Monday, 10 August 2020 01:35 PM

හිතලා බලන්න... හෑම තිස්සෙම කෑබිනට් එකට ගන්නෙ තමන්ගේ වාසිය හොයන පක්ෂ නායකයන් සහ පබයො වගේ ඉන්න ජ්‍යෂ්ඨ මන්ත්‍රීවරු. කවදාවත් අලුත් මුනුවලට ලෙසියෙන් ඉඩක් ලෑබෙන්නෙ නෑ.. රාජ්ය ඈමතිකම් පමනයි. ඒවත් බෝඩ් ලෑල්ලට විතරයි. කෑබිනට්වලට ගන්නෙ හෑම පත්‍රිකාවටම එකග වෙන පබයො වගේ කට්ටිය විතරයි..

:       0       0

Demuni Uduwara Monday, 10 August 2020 02:01 PM

අතීතයේ දී කළාක් මෙන්.. ලැජ්ජයි!

:       0       0

Rohana Tuesday, 11 August 2020 01:39 AM

බැඳුම්කර වංචනිකයන් ආරක්ෂාකර ගැනීමේ පෙරනිමිති පහළවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 523 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 697 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 897 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 260 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1510 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 586 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site