
දැවැන්ත පිපිරීමකින් ලෙබනනයේ බේරූට් අගනුවර මහ ව්‍යවසනයකට මුහුණ දීමෙන් පසු එරට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව අද (10) ඉල්ලා අස්විය.
බේරූට් වරායේ සිදු වූ එම පිපිරීමෙන් බේරූට් අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වූ අතර පිපිරීමෙන් දින දෙක තුනකට පසු රටපුරා, විශේෂයෙන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් විරෝධතා ඇති විය.
පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූ අයට සාධාරණය ඉල්ලමින් ද පිපිරීම වළක්වා ගැනීමට හැකිව තිබියදී ඒ සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සිය විරෝධය පළ කරමින් ලෙබනන වැසියෝ දස දහස් ගණනක් බේරූට් අගනුවරට එක්රැස් වී විරෝධතාවල නිරත වූහ. රට තුළ ක්‍රියාත්මක දූෂණයට මෙන්ම දේශපාලන තන්ත්රයට ද ප්රකෝපයට පත්ව සිටින ලෙබනන වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ලෙබනනයේ ජීවනාලිය වන බේරූට් වරායේ ගබඩාවක තිබු ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,000කට වැඩි ප්‍රමාණයකට ගිනි ඇවිළීමෙන් එම පිපිරුම සිදු වූ අතර පිපිරීමෙන් වරාය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. පිපිරීමේ කම්පනය ලෙබනනයට සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි සයිප්‍රසයට ද දැනුණු අතර පිපිරීමෙන් ලෙබනන අගනුවර අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට පත්විය.
අගෝස්තු මස 4 වැනිදා සිදු වූ මෙම මහ පිපිරීමෙන් මේ වනවිට 163 දෙනකුට ජීවිත අහිමි වූ අතර 6,000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මෙම පිපිරීමට පෙර සිටම ලෙබනන දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ දෙමින් සිටි අතර පිපිරීම හේතුවෙන් එම අර්බුද උග්‍ර අතට හැරී තිබේ.
ලෙබනන අග්‍රාමාත්‍ය හසන් දයිබ් රූපවාහිනිය ඔස්සේ රට වැසියන් අමතමින් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් ආණ්ඩුව ඉල්ලා අස්වන බවත් නිවේදනය කළේය.
“මේ අපරාධයට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු” යැයි ලෙබනන අග්‍රාමාත්‍යවරයා එහිදි කීය.
සාමාන්‍ය ලෙබනන ජනතාවගේ ඉල්ලීම්වලට සහාය දෙන බව ද අග්‍රාමත්‍යවරයා එම අවස්ථාවේදී කීය.
හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි ඉල්ලන බව ද අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැවැසීය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට ආදර්ශයක්...
හප්පා. ඒකට මෙහේ...
ලෙබනනයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. අපේ ඇමැතිලා ඉල්ලා අස්වෙන්න.
ඒකට අපේ රටේ ආණ්ඩු හා දේශපාලනඥයෝ... මෙන්න කියලා ඉල්ලා අස්වේවි...!! කියලා වැඩක් නෑ.. මොනදේ වුණත්, කොයි පැත්තේත්, බලය අල්ලගෙනම ඉන්න තමයි කැමති. මෙන්න මේක තමයි මා දරන පොදු දේශපාලන මානසිකත්වය. පක්ෂ භේද පටුවාසි සහගත දේ මා සොයන්නේ හිතන්නේ බලන්නේ නැහැ. එවන් මා හට මේ ලඟදි කමල් නමැත්තෙක් වැරදි අර්ථයක් දුන්නා. මට හිතෙන්නේ ඔහු මේ තීරයේ ලියන්නේ වලිගය පාගාගෙන වගේ....
ලංකාවේ නම් ඔය සෙල්ලම් හම්බවෙන්නේ නැහැ හොඳේ.
මැති ඇමති අදහස් -" පිපිරෙන බව දැනගෙන හිටියා. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ". "අපේ තාත්තා කීවා වරායට යන්න එපා පිපිරීමක් වෙන්න තියෙනවා කියලා.", "වුන දේ වුනා, දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ හ.. හා.. හා". "ඩිස්නිලන්තේ වරායේ උණානම් මේ ගැන කියන්න තිබුනා"
ලංකාවේ නම් පාස්කු ප්‍රහාරයෙන් 400ක් පමණ මැරිලත්, කිසිම ආරක්ෂක බලධාරියෙක් ඉල්ලා අස්වූයේ නැහැ.
ලංකාවේ මොනවද නොවුනේ? සමහර අයට මතක පාස්කු දින බෝම්බ ප්‍රහාරය විතරයි. සුනාමි ආවා. අරණායක කන්ද නාය ගියා... මීතොටමුල්ලේ කුණු කඳු කඩාගෙන වැටුණා. සාලාව අවිගබඩාව පිපිරුණා. ඒ හැම එකකින්ම ගසාගෙන කෑවා මිසක් මිනිස්සුන්ට හොඳක් කෙරුවේ නෑ... එක දේශපාළුවෙක්වත්.... අඩුම ගානේ වගකීමක් බාර අරගෙන සමාව ඉල්ලන්න තරම්වත් මනුස්සකමක් තිබුනේ නෑ. එහෙම තක්කඩි රැලක්ම පාර්ලිමේන්තු යවන්න තරම් වහල් මානසිකත්වයකින් ඉන්න මිනිස්සු ඉන්න පුදුම රටක් ලංකාව කියන්නේ..
කරුණාකරලා ලෙබනනයේ සිද්ධිය මුල්කරගෙන ලංකාවේ දේශපාලකයින්ට බනින්න එපා... ලෙබනනයේ මිනිස්සු අවංක කුහක නැති හොඳ කොන්දක් තියන මිනිස්සු... ඔවුන් සාමූහිකව තමන්ට වුණු වැරැද්දේදී එකමුතුව නැගී හිටියා. ලංකාවේ ඉන්නේ කුහක ජනතාවක්. ඔවුන්ට වැරැද්දේදී නැගීහිටින්න කොන්දක් නැහැ. මේක තමයි සත්‍යය.