
(ඉන්දිකා රාමනායක)
අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් කොළඹ ඇතුලු බස්නාහිර පළාත තුළ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මොවුන් මෙම නීති විරෝධී ජාවාරම්වලින් කෝටි 50 ට අධික දේපළ උපයාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එම දේපළ ඉදිරියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්ත කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අංගොඩ ලොක්කා කැලණිමුල්ල, අඹතලේ යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය නීති විරෝධී වැලි තොටුපොළවල් සහ ඉඩම් ගොඩකිරීම් සිදුකරන ස්ථාන කිහිපයක්ම පසුගිය දිනවල පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් සිදුකර සැකකරුවන් විශාල පිරිසක් හා ඒ සඳහා යොදාගත් උපකරණ පොලිසිය බාරයට ගෙන තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාත්රන මහතා මේ බව පැවසුවේ අද (10) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංගොඩ ලොක්කා මෙච්චර දෙයක් කරනකම් පොලිසිය දන්නේ නැද්ද? මේ ලොක්කා හැර තව මෙවැනි වැඩකරන ලොක්කන් රට පුරා තව සිටිනවාද? ඔවුන් ආරක්ෂා කරන්නේ කුමන දේශපාලන ලොක්කොද?
පොලිසිය ලැජ්ජා නැතුව ඒක කියන අපූරුව.
අංගොඩ ලෙලාක්කා මැරුණහම තමයි පොලීසියත් වැටලීම් කර වැඩ පෙන්නන්නේ. මෙහෙව් නිලධාරීන් එක්ක අනේ කවදා නම් මේ රටට හරියාවි ද?
ඔහොම දෙයක් වෙන්න පුලුවන්ද? නීතිය ක්‍රියාත්මක වෙන ආයතන හරියට ක්‍රියාත්මක වුණා නම්... දේශපාලන බල අධිකාරියේ ඉඳලා පහළටම පාතාලයින්ගේ දොළපිදේණි වලින් සතුටු වුණු එකේ ප්‍රතිඵල. මේ කරන්නෙත් තවත් එක් රඟපෑමක් විතරයි. මේවාට විරුද්ධ වුණු අය එක රැයට අතුරුදහන් වුණා. නැත්නම් මහපාරවල් වල මරා දැමුණා. ඒ රට, ජාතිය ගැන කැක්කුමෙන් කතාකරන දේශපාළුවන්ගේ ආශීර්වාදයෙන්ම...
අපි දන්නේ අදයි, එතකොට අංගොඩ ලොක්කා ලංකාවේ කොටසක් පාලනය කරලා තියෙනවා. මිනිහා මැරෙනකල් මේ මොකුත්ම පොලිසියට හොයාගන්න බැරි වුණා. වැලි තොටුපොළක්, ඉඩම් ගොඩ කිරීමක් වගේ දෙයක්, ගමේ කසිප්පු අල්ලනවට වැඩිය ලේසියි. කසිප්පු පෙරන්නේ හොර රහසේ. ඈත එනකොටම බඩුත් දාල දුවනවා. වැලි ගොඩ දාන්නේ, දාහක් දෙනා බලා ඉන්දැද්දී. ටොන් 7-8 බර වාහන දාලා ඉඩම් ගොඩ කරන්න පුලුවන්ද හොරෙන්...? හැතැප්ම භාගයක් විතර වාහනවල සද්දේ ඇහෙනවා. අහල පහල ගෙවල්වල වුණත් ටීවී හිටන් හයියෙන් දාන්න වෙනවා, වාහනවල සද්දෙට වැඩිය. ඒවායේ වැඩකරන ඩ්‍රයිවර්ටවත් මොකුත් ඇහෙන්නේ නෑ. මිනිස්සුත් 15 - 20 එළිපිටම වැඩ කරනවා. පස්ලෝඩ් 500 - 1000 එක ඉඩමක් ගොඩකරන්න යනවා. තාර පාරවල තියෙන මඩ ටයර් පාරවල් ඔස්සේ ගියත් මේක අල්ලාගන්න පුළුවන්. ජීප් එක නවත්තලා පාර අයිනේ ඉන්න. අවු 3 - 4 කොලු පැටියෙක්ගෙන් ඇහුවත්, කොහෙද පුතේ ඉඩම ගොඩකරන්නේ කියලා.. ගිහිල්ලම පෙන්නාවි. පොලිසිය කලිසන් ඇඳන්ද මේ මාධ්‍ය සාකච්ඡා තියන්නේ...
මේ තරම් නීතියට පිටුපා වැඩකරන කොට පොලිසිය මොකද කළේ කියලත් මේ මාධ්‍ය ප්‍රකාශක තුමා කිව්වද?
අංගොඩ ලොක්කා විතරක් නෙවෙයි... තව තව ලොක්කෝ ගොඩක් ඔය වැඩේ කළා...
අනේ ඉතින් අපේ පොලිසියෙන් මොනා කරන්නද මේවට.?