උපුල් තරංග විශේෂ විමර්ශන ඒකකයට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට අද(01) ප්‍රකාශයක් ලබාදීමට පැමිණියේය. 01 July 2020
නාකොටික් කුඩු හොරකමේ මහමොලකරු අල්ලන්න රටම පීරයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කූඨ ලෙස විකුණන ලදැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 01 July 2020
සේනාධිරාජා අවසන් යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ නම් ඉල්ලයි අවසන් යුද සමයේදී සුදුකොඩි ඔසවා ආරක්ෂක හමුදාවට බාර වූ කොටි සාමාජිකයින් ඇතුළු පිරිස් මියගොස් ඇති බවට යුද හමුදාපතිවරයා සිදුකළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් යැයි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. 01 July 2020
ජීවිත බිලිගන්නා කුඩු උවදුර තුරන්කළ නොහැකිද? විශ්වවිද්‍යාල සිසුවකු වන තම පුත්‍රයා තදින්ම හෙරොයින්වලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකාර සිසුවකුගේ පියෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතාගෙන් ආයාචනා කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. උසස් පෙළ ගණිත අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් තම පුත්‍රයා මෙවර පොලිසියට කොටු වූයේ තෙවැනි වරට බවද එම පියා මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙන් වැඩිදුරටත් සඳහන්ය. 01 July 2020
රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙක් මරුට හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිම නිසා සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියැදුරා මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලීසිය කියයි. 01 July 2020
ලාංකික ගුවන් මගීන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලොව පුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට, මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය. 01 July 2020
සිබිල් වෙත්තසිංහ සමුගනී ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබේ. 01 July 2020
කටාර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයෝ 264ක් එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද(01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 01 July 2020
රට අවදානම් අඩියක - ඉන්දීය අගමැති මෝදි නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය පාලනය කර ගත්තද රට ඇත්තේ ’’අවදානම් තත්ත්වයක’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (30) පැවැසීය. 30 June 2020
‘නැ’හිර පර්යන්තය කිසි කෙනෙක්ට දෙන්න දෙන්නේ නෑ’ පොදු දේපල පෞද්ගලිකරණය නොකරන බව ජනතාවට තහවුරු කරන්නට නම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිරි මැතිවරණයට පෙර මෙහෙයුම් අරඹා ජනසතු ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම ආරම්භ කරන්නැයි වරාය ස්වාධින සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා වරාය අධිකාරියට අද (30) අභියෝග කළේය. 30 June 2020
ග්‍රෙගරි වැවේ නවතා තිබූ අධිවේගී යාත්‍රාවක් ගිල්ලවයි නුවරඑළිය ග්‍රෙගරි වැවේ නවතා තිබු අධිවේගි යාත්ත්‍රාවක් කිසියම් පිරිසක් විසින් හානි ර වැව පතුලේ ගිල්ලවා තිබියදී අද (30) සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි. 30 June 2020
ඩුබායි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 30 June 2020
අරවින්ද ද සිල්වා පැය 4 ක් පොලිස් විමර්ශන ඒකකයේ ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එවකට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (30) සාක්ෂි ලබාදුන්නේය. 30 June 2020
වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ වෙති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවරුණු විශේෂ රාජකාරි වෙනුවෙන් තම නිලධාරීන්ට ලැබිය යුතු දීමනා සහ වරප්‍රසාද නිසි ලෙස ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට වයඹ පළාතේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (01) දිනයේදී ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ සභාපති අමල් නිශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 30 June 2020
ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක් තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 30 June 2020
ටයරයක දමා පුද්ගලයකු පිළිස්සී යැයි අත්අඩංගුවට ගත් තිදෙනා රදවා ප්‍රශ්න කරන්න අවසර දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේ දී ටයර් දමා පුළුස්සා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලීසියට අද (30) අවසර ලබාදීම දුන්නේය. 30 June 2020
විජයදාස රාජපක්ෂ ලක්ෂ 19 ක මුද්දර ආපසු භාරදෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට රාජකාරී කටයුතු සඳහා ලැබුණු මුද්දරවලින් රුපියල් ලක්ෂ 19 ක් පමණ වටිනා භාවිතා නොකළ මුද්දර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට යළි භාර දී තිබේ. 30 June 2020
ඇවන්ට්ගාඩ් නඩුව සැප්තැම්බර් සිට විභාගයට ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) තීරණය කළේය. 30 June 2020
තිළිණ ගමගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි 03 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30) නියම කළේය. 30 June 2020
අල්ලස් ගත් යක්කලමුල්ල හිටපු තාක්ෂණික නිලධාරියා වසර 12 ක් හිරේට කොන්ක්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමේන්තුව සකස් කරදීම සඳහා කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් 8000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්ෂණික නිලධාරියාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 30 June 2020
අරවින්ද ද සිල්වා විශේෂ විමර්ශන ඒකකයට ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන්න බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව පිළිබඳව සාක්ෂි ලබාදීමට එවකට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (30) පස්වරුවේ පැමිණියේය. 30 June 2020
වසංගතයක් බවට පත්විය හැකි තවත් උණ රෝගයක් චීනයෙන් වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් චීන විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. මෑතකදී මතුවී ඇති මෙම උණ රෝගය ඌරන් අතර පවතින නමුත් මිනිසුන්ට ද ආසාදනය වියහැකි බව ඔවුහු පවසති. 30 June 2020
කොරෝනා එන්නතක මානව අත්හදාබැලීම් ඉන්දියාවේදී ඉන්දියාවේ දේශීයව නිපදවන ලද පළමු කොරෝනා වයිරස එන්නත එරට ස්වේච්ඡා සේවකයින්ට ජූලි මාසයේදී ලබා දීමට සැලසුම් කර ඇත. 30 June 2020
අරන්තලා භික්ෂු ඝාතනයට එරෙහිව නඩුමඟට යන්නැයි ඉල්ලා පෙත්සමක් අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින කොටි ත්රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 30 June 2020
‘මිනීමැරුම් සංස්කෘතිය රටට හඳුන්වාදුන්නේ එජාපයයි’ ‘ප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා. මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එදාසිටිය එක්සත් ජාතික පක්ෂයයි’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 30 June 2020
තේ වතුවල ඇටවූ මදු ගලවා ඉවත්කරයි තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දිවියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වතු අධිකාරිවරුන් සමඟ වනජිවි දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇති මදු ගැලවීමේ ව්‍යපෘතිය සාර්ථකව සිදුකරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. 30 June 2020
තවුහිද් ඉන්දීය නායකයා අසාදු ලේඛනයට දමා ලංකා ගමන නැවැත්තුවා අසාමාන්‍ය විලාසයකින් ඉස්ලාම් ආගම ලංකාව තුළ ප්‍රචාරය කරන බව වාර්තා වූ නිසා ලංකාවට පැමිණීමට නියමිතව සිටි තවුහිද් ජමාද් සංවිධානයේ ඉන්දීය නායකයා අසාදු ලේඛනයට ඇතුළු කර ඔහුගේ ලංකා සංචාරය තමා මැදිහත්ව වළක්වා දැමූ බව රාජ්‍ය බුද්ධි සේවා හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මගුප්ත ගජනායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ 29 වැනිදා පැවසීය. 30 June 2020
ඉන්දියාව ‘ටික් ටොක්’ ඇතුළු මෘදුකාංග 59ක් තහනම් කරයි ජනප්‍රිය මෘදුකාංගයක් වන, ’ටික් ටොක්’ ඇතුළු තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. 30 June 2020
තවත් 33ක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 33දෙනෙකු සුවය ලබා අද(30) රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 June 2020
ඡන්දය දින රාත්‍රී ප්‍රතිඵල නෑ මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී කුමන හෝ ප්‍රතිඵලයක් ඡන්දය පැවති දා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර තිබුණ ද 2020 මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරිම පසුදා උදෑසන 8 ට ආරම්භ කෙරේ. 30 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026