(ළහිරු හර්ෂණ සහ නිමන්ති රණසිංහ )
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව සඳහා පමණක් අවසර ලබා දෙන බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මංගල්‍ය උත්සව කලින් සූදානම් කරගෙන ඇති බැවින් ඒවා නවතා දැමිය නොහැකි නිසා මෙම තීරණය ගනු ලැබූ බවද යුද හමුදාපතිවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් පැතිර යන කොවිඞ් 19 තත්ත්වය පිළිබදව දැඩි සැලකිල්ලට ගෙන නියමිත සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව යමින් මෙම මංගල උත්සව පැවැත්වීමට හැකි වුවද වෙනත් කිසිදු උත්සවයක් හෝ සාදයක් පැවැත්ම තහනම් බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් කන්න වෙන්නේ මඟුල් නෙවේ අවමඟුල්.