අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමට කමිටු පහක් අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්ෂෙත්රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කරන ලදී. 16 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් 49 ක් එක්වෙති මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (16) පස්වරුවේ තවත් 49 ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනට පමණක් වාර්තා මුළු සංඛ්‍යාව 110 කි. 16 October 2020
පොලොන්නරුව මහ රෝහලට රෝගීන් ඇතුලත් කිරීම සීමා කරයි හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොලොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුලත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇතැයි එම රෝහලේ පරිපාලන අංශය නිවේදනය කරයි. 16 October 2020
‘පොඩි ලැසී’ට ඇප සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය. 16 October 2020
මත්කුඩු ගිල්ල කාන්තාවක් මරුට මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමිම හේතුවෙන් අසනිප තත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටියදී අද (16) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. 16 October 2020
කොරෝනා උඩුනුවර ප්‍රා. සභාවේ කටයුතුත් සීමාකරයි ගෙලිඔය ප්‍රාදේශීය සභාවට ආසන්න ප්‍රදේශයකින් කොරෝනා රෝගියෙක් හමුවීම නිසා උඩුනුවර සභාවේ අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් කටයුතු තාවකාලිකව සීමා කිරීමට කටයුතු කළ බව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී තෙන්නකොන් මහතා පවසයි. 16 October 2020
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මහජන සේවා 21 දා සිට යළි ඇරඹෙයි කෝවිඩ් 19 වයිරසයේ තත්වය මත තාවකාලිකව අත්හිටවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ මහජන සේවාවන් මෙම 21 වැනිදා සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 16 October 2020
20 ගැන විවාදය 21-22 රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන සතියේ 21 හා 22 දිනයන්හිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි. 16 October 2020
ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට වසාදමයි කෝවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ. 16 October 2020
ආනන්ද ෆොන්සේකාත් සමුගනී චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, රංගන ශිල්පියෙකු වන ආනන්ද ෆොන්සේකා මහතා අද(16) අභාවප්‍රාප්ත විය. 16 October 2020
අත්අඩංගුවට නොගන්නැයි රියාජ් ගොනු කළ පෙත්සම සළකා බැලීම 20 දා පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින් , තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියම කළේය. 16 October 2020
අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් සමුගනී ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද(16) අභාවප්‍රාප්ත වූවාය. 16 October 2020
ගංගා - ඉවුරු සංරක්ෂණයට කෝටි 2300 ක් ගංගා 103 ක ඉවුරු හා ගංගාධාර සංරක්ෂණය සඳහා රජය රුපියල් කෝටි 2300 ක් වෙන්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 16 October 2020
රඹුක්කන ගම් 5ක් හුදෙකලා කරයි රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිමත් සමග ගමිපහක් හුදකලා කිරිමට පියවර ගෙන ඇත. 16 October 2020
රාජ්‍ය දේපළ අවභාවිතය වළක්වන තද නීති ඕනෑ යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු, හවුල්කාර පක්ෂයක නායකයකු සහ ඊටත් පෙර පැවැති ආණ්ඩුවල ද විවිධ ඇමැති ධුර හෙබවූ රිෂාඩ් බදුයුදීන් මහතා මේ සටහන තබන විට පොලීසිය සමඟ හැංගිමුත්තං කෙළියක යෙදී සිටියේය. උසාවියෙන් වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගත යුතු බවට නීතිපතිවරයාගෙන් ලැබුණු විධානයකට අනුව උසාවි ගිය පොලීසියේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කෙරිණි. 16 October 2020
විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනක් මරුට මහනුවර ලේවැල්ලේ රෙදිපිළි අලෙවිසැළක තාවකාලිකව සාදා තිබූ විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 16 October 2020
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද(16) අලුයම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි 16 October 2020
පොළොන්නරුව ප්‍රතිකාර ලබන කාන්තාවකටත් කොරෝනා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (16) අනාවරණය කළේය. 16 October 2020
මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 1789 ට නගී මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (15) රාත්රියේදී (9.30 වන විට) තවත් ආසාදිතයන් 19 දෙනෙක් එක් වී තිබේ. 15 October 2020
ඇඳිරි නීති පෙදෙස්වල වෙළඳසැල්-ඔසුසල් පැය 14ක් විවෘතයි දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු පෙදෙස්වල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට(16) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 15 October 2020
කොළඹ මහ නගර සභාව මහජනයාට සති දෙකකට වහයි කොළඹ මහ නගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය අද(15) සඳහන් කළාය. නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා වසා දමා ඇතැයි ඇය කියාසිටියාය. 15 October 2020
නව පී.සී.ආර්. යන්ත්‍ර 5ක් ගෙන්වයි ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමට අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍ර පහක් මේ වනවිට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොළඹ දී අද (15) පැවැසීය. 15 October 2020
බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ඇමතුම් නොමිලේ බන්ධනාගාර රැඳවියන්ට සිය නිවෙස් වෙත නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමට හෙට(16) සිට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යංශය පවසයි. 15 October 2020
නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (15) අත්සන් තැබුවාය. 15 October 2020
කොරෝනා වයිරසය මාතරටත් යයි දිවුලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වී මාතර හිත්තැටියේ පිහිටි තම නිවස වෙත පැමිණීමෙන් පසු ස්වයං නීරෝධායනයට යොමු කර සිටි 63 හැවිරිදි කාන්තාවකට අද (15) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර්.පරික්ෂණයේ දී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 15 October 2020
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් නොමග ඇරියාට දෙදෙනෙකුගේ පන්ති තහනම් රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා අද (15) සිට නැවත දැනුම් දෙනතුරු මානව ශාස්ත්‍ර පිඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ. 15 October 2020
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස 60 ක් කරන්න යයි මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බැවින් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවැති ජාතික කම්කරු උපදේශක සභාවේ දී යෝජනා කර ඇත. 15 October 2020
මාර්ග සංවර්ධනයේ ලොක්කන් 20 දා කෝප් කමිටුව හමුවට මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප්) වෙත කැඳවා තිබේ. 15 October 2020
සිනමාශාලා යළිත් වසාදමයි දිවයිනේ සියලු සිනමාශාලා ඔක්තෝබර් 31වැනිදා තෙක් තාවකාලිකව වසාතබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. 15 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026