(ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයන් 177 දෙනකු ඉකුත් 24 පැයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොරෝනා මර්ධනය සඳහා මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
සෑම විටම නිවෙසින් පිටවන විට කොරෝනා නීති අනුගමනය කරන්නැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට දඩුවම් කරනවා සේම ලෝකෙම අර්බුධයක තියන මේ වගෙ වෙලාවක නුවර එලියේ වසන්ත සැණකෙලි පවත්වන අයට සහ ඊට සහභාගී වන අයට වගේම ඊයෙ පෙරේදා ගම්පහ වොලිබෝල් තරග සංවිධානය කරපු තරුණසේවා නිළධාරීන්ටත් නිසි දඩුවම් ලබා දෙන්න. මේ අය මුළු රටම අනතුරේ හෙලනවා. කොරෝනා වෛරසය පියවි ඇහැට දර්ශණය වන දෙයක් වෙලා තිබුණා නම් මේ අය කවදාවත් ඔය වගේ උන්මන්තක ලෙස හැසිරෙන්නේ නැති වෙයි. මුදලට බලයට මොන දේ ගන්න පුළුවන් උනත් අවබෝධය ලබා ගන්න බෑ.
සියල්ල විවෘත කරගෙන ඉඳලා දඩ ගහල හරි ආණ්ඩුවේ ආදායම වැඩිකර ගනිමු නේ? අන් අර නුවර එළියේ නගර සභාවට කියන්න වහාම ඔය කෙළිය නවත්තන්න කියල. එතන කඩන නීති දිහා බලන්න.
ඇත්තෙන්ම,ආණ්ඩුවෙන් දෙන උපදෙස් වලටම යට වෙලා ඉන්නේ නැතුව,නුවරඑලිය පොලීසියෙන් අහලා බලන්නකෝ ඒ පැත්තේ කෙරෙන සැණකෙළි වැඩ ගැන ...
එක එක නාලිකා වලින් පෙන්වන කිසිම ආරක්ෂක පිළිවෙත් නොකරපු අවුරුදු උත්සව වලට ඔබත් සහභාගි වෙලා දැන් පාරේ ඉන්න මිනිස්සු පිස්සුවෙන් වගේ අල්ලනවා.