(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් උවදුර විසඳීම සඳහා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කරන අගුලු දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට කළ නොහැකි යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි .
කොවිඩ් උවදුරට විසඳුමක් ලෙස රට යම් කාලයකට වසා දැමිය යුතු යැයි සමහරු කල්පනා කරන බවත් මුල් අවස්ථාවේ දී එවැනි ක්‍රියා මාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත් වුවද දිගු කාලීනව එය ජන ජීවිතයට හා ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරවන ක්‍රියාදාමයක් බවත් ජනාධිපතිවරයා කියයි. .
ශ්‍රී ලංකාවේ ආදායම් උපයන්නන් ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙන අය හෙයින් එවැනි ක්‍රියාමාර්ග වලට යෑමේ හැකියාවක් නැතැයි ද රාජපක්ෂ මහතා පැවසුවේය . කොවිඩ් උවදුරට අවසාන විසඳුම එන්නත්කරණය පමණක් බවත් එන්නත් කරණය සඳහා සැකසුණු විධිමත් වැඩපිළිවෙළක් රජය සතු වන බවත් ඔහු කීය .
කොවිඩ් අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් එම වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කළාක් මෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව කි ජනාධිපතිවරයා ජනතාව රටේත් තමන්ගේ ත් සුබසිද්ධිය තකා ස්වකීය වගකීම් සහ යුතුකම් මැනැවින් ඉටු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් ඔබතුමා! රටට අබ සරණයි!!!
රටට කියන්නේ කොහොමත් ඔහෙලානේ ඉතින් කොහෙද අගුලු දැමිමක් තියෙන්නේ? සාමාන්‍ය ජනතාවට හැමදාම අගුලු වැටිලා කන්නත් නැතුව ඉන්නේ
ජනපති තුමනි කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් සෙම තියන අයට කොරෝනා කියලා නමක් දාගෙන දුප්පත් රටවල් හුරගෙනකන වැඩපිළිවෙළක් ඔබතුමාට ඔකට විරුද්ධ වෙන්න බෑ හැබැයි කොරෝනා වලට වැඩිය තැනක් දමන්නේ නැතිව රටේ දුප්පත් ජනතාවට කොරෝනා නිති දන්නේ නැතිව කලින් විදියට ජනතාවට ජිවත් වෙන්න දන්නේ නැ බුදුසරණයි
ජනතාව කියන දේ අහලා ඉන්න කට්ටියක් නම් නමක් නැහැ. ඕස්ට්‍රේලියාවේ නම් 2020දි උපදෙස් නොතකා රවුම් ගහපු අයට ඩොලර් 1000 සිට ඉහළට දඩ ගැහුවා. ඒ වගේ දෙයක් අපේ රටට හරියන විදියට කරන්න වෙනවා රට වහන්නෙ නැත්නම්.
එහෙමනම් ඉතින් ඔක්සිජන් ටැංකි ටිකක් ගෙන්න කියල යාලුවට කිව්වානම් හොදයි. නැත්නම් එකත් වැඩි ගානට ගන්න වෙන්නේ ඇන්ටිජන් වගේ
දැන්ම එපා රටපුරාම පැතුරුණාම අගුලු දාන්න එතකොට හරි.
කෝවිඩ් ඇතත් නැතත්,රට අගුලු දැම්මත් නොදැම්මත්, ඔබ ඇතුළු ඔබගේ හොර චක් ගෝලයින් රට රටේ නම විනාශකර අවසන්. ආර්ථිකය පමණක් නොව රට කෙරෙහි විදේශයන් ( හොර චීනා නොව ) තැබූ ධනාත්මක අදහස් සියල්ලමත් විනාශකර අවසන්. ලැජ්ජාව නැතිව යන්න ඔබ දන්නේ නැතිව ඇති. එත් අපිට ලැජ්ජයි ඔබ වගේ පාලකයෙක් අපේ රටේ ඉන්නේ කියන්න.