(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය මරාගෙන ත්රස්තවාදීන්ට ආධාර සහ අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුයුදීන් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ රැඳවුම් නියෝගයක් ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ විශේෂ විදිනිදාන පනතේ 9.1 වගනිත්ය යටතේ දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා නියෝගයක් ලබාගැනීමට නියමිත බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ විශේෂ විධිවිදාන පනතේ 6.1 වගන්තිය යටතේ පැය 72 ක රැඳවුම් නියෝග මේ වන විටත් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මෙම සැකකරුවන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනගෙන යන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ .කිව්වේ කොහොමද සාක්කි ඔක්කොම හම්බුනා මෙයා සහරාන්ට උදව් කලා කිව්වා.මේක නාටකයක් කිව්වට මේක මෙගා නාටකයක් තමයි .දැන් මොකටද දින 90 තියාගෙන ප්‍රශ්න කරන්න තියෙන්නේ නඩු දාන්න පුළුවන්නේ සාක්කි තියෙනවනම් .
පාස්කු විමර්සන වාර්තාව ඔ / ලෙවෙල් පාස් නැති අය දාල විකෘති කරලා, පොහොට්ටූවට අවශ්‍ය අය බෙරලා විපක්ෂයේ අයව, මුස්ලිම් මන්ත්‍රිලාගෙන් පලිගන්නවා අර දින 52 කුමන්ත්‍රණයට මුස්ලිම් මන්ත්‍රිලා උදව් කලේ නැති නිසා
මහා මොලකරු නෞෆෙල් මෞලවි කියලා කොලය වහන්න බැලුවා හරි ගියෙ නැ, දැන් රිෂාඩ් දාල හරි එ ගොල්ලගෙ බොස්ව බේරන්න බලනවා
හිසබුල්ලාව? බයද එයාට ?එයා තමයි මෙතන ඉන්න පළමු කෙනා හිතවතා
මම මේ නොදන්නා නිසයි අහන්නේ, එතුමාගේ ඒ රංගන දායකත්වයට කොපමණ වගේ මුදලක් ගෙවනවාද? ඇත්තටම මේ "පාස්කු ප්‍රහාරය" මෙගා ටෙලි වෘත්තාන්තය අපි අතර හරිම ජනප්‍රියයිනේ ඉතින්? හරීන් ප්‍රනාන්දුත් ඒ ටෙලියේ ඉන්නවා නම් මාර ගතියක් තියෙයි අපට?
හොදටම මදි ඊළඟ ඡන්දේ වෙනකල්ම ප්‍රශ්න කරන්න නැත්නම් අපරාදේ ඡන්දේ ලංවෙන කොට වෙන ගේමක් දෙන්න වෙනවානේ පාස්කු ඒකෙන් ලේසියෙන්ම ඡන්දේ ගොඩ දාගන්න පුළුවන් වෙයි
දින 9000 කලත් අපිට කමක් නැහැ. මොකද පෙන් යනවයැ නේද?
හිස්බුල්ලාවත් ගත්තොත් හොද නැද්ද? ඔය අය තමයි අරාබි වසන්තය කරන්න මුල් වුනේ මඩකලපුවේ