ගින්න නිව්වාට කෝටි 34 ක් වන්දි ඉල්ලයි ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට දැරූ වියදම් සඳහා රුපියල් කෝටි 34ක වන්දි මුදලක් ලබාදෙන්නැයි නීතිපතිවරයා එම නෞකාවේ හිමිකරුවන්ට ඊයේ (16) දැනුම් දුන්නේය. 17 September 2020
පොඩි ලැසි යළි රිමාන්ඩ් බුස්ස බන්ධනාගාරයේදි ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධ නඩුවේ 2වන සැකකරු ලෙස දරුණු ගණයේ අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා නම් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව 17 September 2020
ගිනිනැවේ කපිතාන්ට නඩු ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවකු ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට පමුණුවන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) උපදෙස් දුන්නේය. 17 September 2020
හොර පාරෙන් කැනඩා යන්න හැදූ 12 ක් අත්අඩංගුවට ව්‍යාජ වීසා උපයෝගී කරගෙන කටාර් රාජ්‍යය හරහා කැනඩාවට යාමට උත්සහ කළ පුද්ගලයන් 12 දෙනෙක් කටුනායක ගුවන් ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 17 September 2020
පොලිස් නිලධාරීන්ට පහර දී පලාගිය 5දෙනෙකු දැලේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදි හෙරොයින් ළඟ තබාගෙන සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී පැනගිය සැකකරුවන් 5දෙනෙකු අද(17) අලුයම අත්අඩංගුවට ගත්බව කල්තොට පොලිසිය කියයි. 17 September 2020
කහ කිලෝ 818 ක් නාවික හමුදාව සොයාගනී මන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේදී සහ වන්කාලේ වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 818 ක් නාවික හමුදාව අද (16) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි. 16 September 2020
මගේත් - නිලධාරීන්ගේත් නම් විකුණන ලිපි සියල්ලම ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිවරයාගේ , අගමැතිවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. 16 September 2020
ඉන්දියාවේ කෝටි බාගයක් කොරෝනා ආසාදිතයෝ වෙති අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (16) මිලියන පහ ඉක්මවා ගියේය . 16 September 2020
කෝටි 6 ක් වංචා කළ විදේශිකයන් 16 ක් අත්අඩංගුවට විදේශ රටවල ලොතරැයි දිනුම් ඇදී ඇති බවට හා විදේශ රටකින් වටිනා ත්‍යාගයන් ලැබී ඇති බවට පවසමින් අන්තර්ජාලය ඔස්සේ පිරිස් මුලා කර රුපියල් කෝටි 6 ට අධික මුදලක් චංචා කළ බවට පැමිණිලි 101 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද (16) පැවසීය. 16 September 2020
මංතීරු නීතිය කැඩුවොත් දඩය 2000 යි කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් හඳුන්වා දී ඇති නව මංතීරු නීතිය සම්බන්ධයෙන් ලබන සදුදා (21) දින සිට තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද (16) පැවසීය. 16 September 2020
විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස් කරගනී උතුරු පළාත් මහ ඇමතිවරයාව සිටියදී ,අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වන බී.ඩෙනීෂ්වරන් මහතා ගොනු කර තිබූ පැමිණිල්ල එම පැමිණිලිකාර පාර්ශවය විසින් අද (16) අධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 16 September 2020
සිවාජිලිංගම්ට ඇප හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා සහ සෙසු පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.එස්.පීටර් පොල්ඩ් මහතා අද (16) නියෝග කළේය. 16 September 2020
වෛද්‍ය සභාවේ කටයුතු ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 16 September 2020
රෝගී වී මියයන වැව් මාළු කරවලවලට වේලති රෝගී තත්වයක් හේතුවන් සති කිහිපයක සිට මින්නේරිය වැවේ මිය යන මසුන් රැස්කරන ධීවරයෝ කරවල නිෂ්පාදනයට සහ පරිභෝජනයට ජනතාවට අලෙවි කරමින් සිටිති. 16 September 2020
වයික්කාල් ඉඩමකින් පීඩන බෝම්බ-පුපුරණ ද්‍රව්‍ය සොයාගනී මුලතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී කිලෝ 15 පමණ බර පීඩන බෝම්බ තුනක් සමඟ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (16) සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි. 16 September 2020
ජපාන අගමැති යොෂිහිඩේ සුගා ජපානයේ හිටපු ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිඩේ සුගා මහතා අද (16) නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. 16 September 2020
’සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහතිකය ලැබෙනතෙක් ගුවන්තොටුපළ විවෘත කරන්න බැහැ’ කොවිඩ්-19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 100%ක සහතිකයක් ලැබෙනතුරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයින්ට විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (16) පැවසීය. 16 September 2020
සිල්රෙදි නඩුවේ අභියාචන පෙත්සම් සම්බන්ධ පිළිතුරු දේශන සඳහා දිනයක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක මුදලක් 2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතියක් සදහා වැයකිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තමාට 16 September 2020
අසාත්මිකතාවයකින් සිසු සිසුවියෝ 16 ක් රෝහලේ පන්නිපිටියේ පාසලක 8 වන වසරේ සිසු සිසුවියන් 16 දෙනෙකු අසාත්මික තත්ත්වයක් හේතුවෙන් අද (16) හෝමාගම රෝහලට ඇතුළත් කළ බව හෝමාගම පොලිසිය කියයි. 16 September 2020
ඉන්දියාවට පැන්න ‘සාරා‘ ගෙන්වා පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිකරන්න පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වී දැනට ඉන්දියාවට පැන ගොස් සිටින බව කියන ‘සාරා’ නමැති කාන්තාව වහා ලංකාවට ගෙන්වාගෙන බෝම්බ සිද්ධියේ සුලමුල සියල්ල හෙළි කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 16 September 2020
නිධානයක් ගන්න ගිය සිව් දෙනෙකු අත්අඩංගුවට ආණමඩුව ඔට්ටුක්කුලම ප්‍රදේශයේ නිධානයක් ලබා ගැනිමේ අරමුණින් කැණීම් කරමින් සිටි සිව් දෙනෙකු ඒ සදහා යොදා ගත් උපකරණ තොගයක් සමඟ ( 16 ) දින අලුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 16 September 2020
රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලැබෙන තොරතුරු රැස්වීමට ඉදිරිපත් කිරීම ඔහුගේ වැඩක් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු තොරතුර ගැන බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීමක් මිස තමන්ගේ වගකීමක් නොවන බව ද ඔහු කිසිම අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොපැතූ අතර ඔහුට උපදෙස් දීමේ වගකීමක් තමන්ට නොමැති බව ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පෙරේදා (14) පැවැසීය. 16 September 2020
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 23 දා සළකා බලයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 23 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය. 16 September 2020
පාතාල නායකයකුගේ ගෝලයින් තිදෙනෙකු ගිනි අවි සමඟ දැලේ විදෙස් රටකට පලා ගොස් සිටින දකුණේ පාතාල නායකයකු වන ’සුපුන් බුද්ධික’ නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු, ගිනි අවි 3ක් හා ජීව පතුරොම් 5ක් සමග මාතර දික්වැල්ල ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීමට කලුතර පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයේ නිලධාරින් අද (16) අත්අඩංගුවට ගෙන ඇත. 16 September 2020
බස්රථ දෙකක් ගැටී 12 ක් රෝහලේ රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලේදී අද (16) බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මගීන් 12ක් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. 16 September 2020
පෙම්වතාගේ උපන් දිනය සමරා සිසුවිය අරක්කු බාගයක් බීලා සිය පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් ගාලු කොටු පවුර උඩදී අරක්කු බාගයක් පානය කළ උසස් පෙළ සිසුවියක මත්වීමෙන් පසු ගාල්ල කොටුව සංචාරක පොලිසිය මැදිහත්වීමෙන් පෙරේදා (14) සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 16 September 2020
ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා අද(16) ඉවත් වූයේය. 16 September 2020
ජීවන බර සැහැල්ලුවට ඉක්මන් විසඳුමක් ඕනෑ සාමාන්‍යයෙන් අපේ රටේ පොල් මිල ඉහළ යන්නේ නොවැම්බර් මාසයේය. එහෙත් තවම සැප්තැම්බර් වුවද මේ දිනවල පොල් ගෙඩියක මිල ගණන් අසන පාරිභෝගිකයාට එලොව පොල් පෙනුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ඒ තරම් පොල් ගෙඩියක මිල ඉහළ ගොස් තිබේ. ඇතැම් තැනක පොල් ගෙඩියක මිල රුපියල් 95 දක්වා මිලකට අලෙවි වන අතර සාමාන්‍ය වශයෙන් රුපියල් 80කට අලෙවි වන බව සඳහන් කිරීම වඩාත් සාධාරණය. 16 September 2020
ඉන්දියාවේ සැඟවී ඉන්න ‘හරක් කටාගේ’ ගෝලයකු මාතරදී අල්ලයි ඉන්දියාවේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තාගේ සමීපතම ගෝලයකු මාතර උසාවිය පාරේ දී පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 16 September 2020
ශ්‍රී ලංකන් ගිය වසරේ අවසන් මාස නවයේ කෝටි 1500ක පාඩුවක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය වසරේ (2019) අවසන් මාස නවයේදී රුපියල් කෝටි 1,500ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. 16 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026