
(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා මර්දනය සඳහා දිගටම සහාය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නව නේවාසික නියෝජිත ආචාර්ය අලන්කා සිං මහත්මිය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (1) දැනුම් දුන්නාය.
සෞඛ්‍ය ඇමතිවරිය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිතවරිය අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්විණ. අලන්කා මහත්මිය මෙම දැනුම්දීම කර ඇත්තේ එම රැස්වීමේදීය.
මෙරට කොරෝනා පාලන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහය සෞඛ්‍ය ඇමැතිවරිය මෙහිදී ඉහළින්ම අගය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පදනම යටතේ එන්නත් මාත්‍රා තොග අවස්ථා දෙකකදී මෙරටට පරිත්‍යාග කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්ට්‍රා සෙනෙකා ලබාගත් අයට යුරෝපීය රටවලට ඇතුලුවීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිව්වේ නැතිද?
ඔය සංවිධාන ඔක්කොම කරන්නේ කොරෝනා ප්‍රවර්ධනය...