
(ඩයනා උදයංගනී)
රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 800ක මුදල අනාගතයේදී මෙරට ගොවි ජනතාව අතට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම කාබනික පොහොර භාවිතයට යොමුවීම නිසා අඩුවීමට ඉඩ නොතබන බව කී ජනාධිපතිවරයා ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී ගොවියා ආරක්‍ෂා කරගන්නා බව ද සඳහන් කළේය.
වගා කටයුතු සඳහා අවශ්‍ය වල්නාශක, කෘමිනාශක සහ කාබනික පොහොර ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයට ඉදිරියේදීත් ගොවීන්ට ලැබීමට සලස්වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (1) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුව අමතමිනි.
කාබනික පොහොර භාවිතයට යොමු වීමේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ගොවි නියෝජිතයන් දැනුවත් කළේය.
කාබනික පොහොර සඳහා යොමුවීම හදිසියේ ගත් තීරණයක් නොව තමා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීමක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
මීට පෙර පැවති ආණ්ඩු කාබනික පොහොර වගාවට යොමුවීමට ගත් උත්සාහයන් අසාර්ථකවීමට හේතු අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසීය.
මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වාදීමට ඇතැමුන් උත්සාහ කළත් සමස්ත ලෝකයේම නව ප්‍රවණතාවයක් වන කාබනික පොහොර භාවිතයට යොමුව කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙනයන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළට එරෙහි බොහෝ දෙනා වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදු එළවළු, පළතුරු භාවිතා කරන බවද ජනාධිපතිවරයා කීවේය.
පසුගිය රජය සමයේ වගා කටයුතු බොහෝදුරට අඩපණ කර තිබුණත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීම බව කී ජනාධිපතිවරයා රුපියල් 30ක්ව පැවති වී කිලෝවක මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීමෙන් පසු ගොවීන්ට වී කිලෝවක් රුපියල් 65 සහ 68 අතර මුදලකට විකිණීමට හැකිවූ බව ද හෙතෙම පැවසීය.
පොහොර නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවන අතර ගොවීන්ටද පොහොර නිෂ්පාදනය කරගත හැකි නම් ඊට අවශ්‍ය මුදල් ලබාදීමට රජය සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසායනික පොහොර සිල්ලර ක්‍රමයට රටට ගේන්නේ නෑ. අවුරුදු කිහිපයකට ඇති වෙන්න ගබඩා වෙලා තියෙනවා. මේ බෙදලා දෙනවා කියන්නේ ඊයේ, පෙරේදා අච්චු ගහපු සල්ලි වෙන්න ඕනෑ...
"ගොඩ මඩ ගොවීන් සියලුම දෙනාට පොහොර නොමිලයේ දෙනවා" කිව්වා වගේ පුස් පොරොන්දුවන් නොවේවා කියලා දෙයියන්ගේ නාමයෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. හාල් ඇමති කියනවා හාල් පිටරටින් ගෙන්වනවා කියලා. වී ඇමති කියනවා ඕනෑතරම් හාල් අපේ රටේ තියෙනවා කියලා. ඒ වුණාට පාරිභෝගිකයාට හාලුත් නෑ. බතුත් නෑ. දැන් පානුත් නෑ. මාර වැඩක් ලංකාවට වුනේ...
කාබනික වගාව වෙත නැවත ගමන් කිරීමේ උත්සාහයට මහජනතාව වශයෙන් අප ද එළැඹිය හැකි දුෂ්කරතා ඉවසාගෙන හෝ සහාය දිය යුතුයි. මක්නිසාදයත් එය අපගේ දරුවන් වෙනුවෙන් සිදු කරන්නා වූ කැප කිරීමක් වන හෙයිනි... මෙම ව්‍යාපෘතිය දේශපාලනයේ නාමයෙන් කඩාකප්පල් නොකිරීමට සජබ ජවිපෙ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ සහ සමහර ටීවී නාලිකා ද කටයුතු කළොත් එය රට වෙනුවෙන් කරන්නා වූ පුණ්‍ය කටයුත්තක් වනු ඇත.
සර් හරි කියන ගොන් සෙට් එකක් තාම ඉන්නවා.
අනේ බුදු සර් ඉස්සරවෙලා රක්ෂණ වන්දි දීලා ඉන්නකෝ...!!!
පිනට දෙන්න ඕනේ නෑ.. හම්බකරන් කන්න පුළුවන් ආර්ථිකයක් හදන්න උත්සාහ කරන්න..
රසායනික පොහොර ගෙන්වන්නේ ඩොලර් වලින්. ගොවීන්ට දෙන්නේ බියගම ෆැක්ටරියේ ගහන රු. 5000 කොළ... කොහෙමද ටිකිරි මොලේ? හැබැයි අස්වැන්න නෙලා ගත්තාම තමයි කාබනික ද්‍රව්‍ය බහිශ්‍රාවීය වෙන්නේ...
මේක හොඳ ටොපික් එකක්. පොහොර ඕනේ කියන අයව ඉවත් කරන්න පුලුවන්... කවුද කැමති වස කන්න? ඇයි මේ විදිහටම පිටිකිරි තහනම් කරන්න බැරි?. ඇයි එහෙම තහනම් කරන්නේ නැත්තේ...? පිටිකිරි වලිනුත් ඔය පොහොර තරම්ම ඩැමේජ් එකක් වෙනවානේ. මේකත් එක්තරා ට්‍රැප් එකක්. මිනිස්සු හිතනවනේ, දුමින්ද සිල්වා වගේ අය හිටපු, ගොන් රැලක් වටේ තියාගෙන ඉන්න ජනාධිපති මිනිස්සු ගැන හිතලා පොහොර අවලංගු කළා කියලා...
ඩොලර්වලින් ඔය දේ දෙන්න සර්...
හැබැයි අයියා අත දැම්මොත් ඔක්කොම හබක්...
ඔබතුමා කිව්වේ මෙහෙමයි. "In order to guarantee the people’s right to such safe food, the entire Sri Lankan agriculture will be promoted to use organic fertilizers during the next ten years." එකපාරටම රසායනික පොහොර නවත්තන බවක් කිව්වේ නැහැ.
ඩොලර් වලින් දෙන්න. ඩොලර්නේ වෙන් කරන්න ඕනෑ. රුපියල අච්චු ගහලා දීලා වැඩක් නෑ...
ඔය විදියටම ඉන්ධන ආනයනය නවතා පාරිබෝගිකයින්ට මුදල් බෙදමු ද?
ගොවි ජනතාව අතට ලැබෙයිද එහෙමත් නැත්නම් යාලු මුදලාලි කෙනෙක්ට බදු සහනයක් විදියට ලැබෙයිද එහෙමත් නැත්නම් තමුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සුඛෝපභෝගී වාහන ගෙන්න ගන්න වියදම් කරයිද කවුද දන්නේ?
ඔය වැඩෙත් හොදට කරල තමයි නවතින්නේ
පෙට්‍රල් වල ලාභය පරිප්පු වලින් දුන්නා වගේද දන්නෙ නෑ ...
සහනාධාරය දියයුතු පුද්ගලයාට එය දිය යුතුය.
බොහොම හොද අදහසක්
ඔය ලිස්ට් හදන්නේ කවුද ?
ගොවි විශ්‍රාම වැටුප නැවත ආරමිබ කර ගොවියන්ට පිහිටක්වන්න ..