(ඩයනා උදයංගනී)
වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදාගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බව කී දයාසිරි ජයසේකර මහතා බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බව කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අද (1) අදහස් දක්වමිනි.
ඔහු පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවන නමුත් ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නැතැයි ද ජයසේකර මහතා පැවසීය.
වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවුයේ බැසිල් රාජපක්‍ෂ මහතාත් සිටි ආණ්ඩුවක් තුළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රබර් මුද්‍රා බවට පත්ව ඇති බවත් කැබිනට් ඇමතිවරුන්ටත් ඒ තත්වය උද්ගත වී ඇති බවත් ප්‍රකාශ කළේය.
රට තුළ පවතින ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව කී ජයසේකර මහතා එම තත්වය නිවැරදිව කළ යුතු බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය කාගැනද කියන්නේ? ජනාධිපතිද? අගමැතිද? කියන්න කොන්දක් නැහැනේද? කීවොත් කැපෙයි කියලා කට වහගෙන එක එක තැන්වල කියවන්නේ මොකටද? රබර් මුද්‍රා හැටියට ඉන්න බැහැ කියලා ගියානම් ඉවරයිනේ...
ඉතින් තමුන්නාන්සේලා නේද විස්සට අත් දෙකම ඉස්සුවේ..?
දේශපාලනයට සම්බන්ධ වුණ, තණකොල පෙත්තන් වගේ එහෙට පැන්නා, මෙහෙට පැන්නා... මේ වනවිට පනින්න තැනක් නැතිවෙලා. අසරණ වෙලා ඉන්නේ...
පල නොකියා පලා බෙදන තැනම ලැගගෙන ඉන්නේ කුමක්ද?
බඩ පමණක් ඇති හිසක් නොමැති සිග්නල් කණු ටිකක්... ඒකනේ 20ට අත ඉස්සුවේ... ඉතින් වැරැද්ද හදාගන්න බෑ පරම්පරා ගණනාවකට දරුවන්ගෙත් දරුවන්ට..!
දැන් චීනෙක්ට වුවත් ද්විත්ව පුරවැසිකම පූජාකරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න පුලුවන්... චිහ්, මෙහෙමත් අම්බරුවන් රැලක්...!
මෙයාලා කුම්බලා මාළු කාපු බළල්ලු ගාණට වැටිලද කොහේද?
කර්මාන්තය ගැන කවදද කතා කරන්නේ එකම දේ නැවත නැවත සිදු වෙනවා
සෑහෙන දියුණුවක්නේ රබර් මුද්‍රා කියන්නේ..? ඉස්සර උන්නේ කිරිකපපුවාම ඉතුරු වෙන ඔට්ටපාලු වගේනේ නේද?
මේ උන්දැගේ නම වෙනස් වුනොත් හොදයි
ජනතාවගේ දෙපැත්තටම ඔහෙලා එකතුවෙලා මුද්‍රා තියලා තියෙන්නේ දැන්.
මෙයාලට ඕනි ලොකු වැඩ්ඩෝ වගේ ඉන්න. හැබැයි වැඩ නැ
විසිවෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ විපක්ෂයට උසුලු විසිලු කර කර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දිග කතාවක් කරපු දයාසිරි ජයසේකරද මේ? ද්විත්ව පුරවැසියාට කරදරයක් නැතුව එන්න මග පාදලා දැන් රටට පේන්න නහයෙන් අඬනවා. කටුස්සෝවත් මෙච්චර ඉක්මනට පාට වෙනස් කරනවා දැකලා නෑ. කුජීතයි නේ.
රබර් මුද්‍රාවක් වුණේ ඇමති මණ්ඩලය නොහොත් විධායකය විතරද මහත්තයො, ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුව කියන්නෙත් අද රබර් මුද්‍රාවක් විතරයි.