(යොහාන් භාසුර)
පාන් පිටි (තිරිඟු පිටි) මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාල සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
පාන් පිටි පාරිභෝගික අධිකාරිය අති විශේස ගැසට් නිවේදනයක් මගින් උපරිම මිලක් නියම කළ ආහාර ද්‍රව්‍යයක් බවත් ඒ හේතුවෙන් හිතුමතේ මිල වැඩි කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා පැවසුවේ පාරිභෝගික අධිකාරිය මෙම මිල වැඩි කිරීමට එරෙහිව ඉදිරි දින කීපයේදී නඩුවක් ගොනු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සහයෝගය ඔබතුමාට... රට පාලනය කරන්නේ පුද්ගලික ආයතන කාරයින්ද? ආණ්ඩුවද?
දැන් කී දෙනෙක් මේ විදිහට නඩු කියලා හිරේ දැම්මද? අනේ ඇමැතිතුමෝ මට කුණුහරප මතක් කරවන්න එපා. මේ අපි දාන කමෙන්ට්ස් කෙලින්ම අදාල ඇමැතිට යන විදිහක් හදන්න බැරිවෙයිද?
කර්මාන්තයක් ගැන කවද්ද කතා කරන්නේ එකම දේ නැවත නැවත සිදු වෙනවා
නිකන් බොරුවට ජනතාවට බොරු කියනවා
පුද්ගලික සමාගම් වලට අවශ්‍ය විදියට රටක් පාලනය කරන්න බැහැ. ඒ සඳහා ස්ථිරසාර ප්‍රතිපත්තියක් රජයට තිබිය යුතුය . රජය යටතට වෙළෙඳාම යම් පුමාණයකට හෝ තබා ගත යුතුය . ඒකාධිකාරයක් පුද්ගලික අංශය පවත්වාගෙන යාමේ ප්‍රතිඵලය තමා ඔය.
උසාවි අරන් ගියත් නැතත් පිටි මිල ඉහළ දැමීම වෙනස් වෙන්නේ නැ
පිස්සු ඩබල් වෙලා. රුපියල් කොලේට තිරිඟු දෙන්නේ නෑ කියලා දැනුවත් නෑ...
සමාගම් කාරයින් අවශ්‍ය ලෙස කටයුතු කරනවා නම් රජයක් කුමකටද? එක් සමාගමක් තිරිඟු පිටි මිල වැඩි කළේ කෙසේද? කාගෙන් හෝ සහයක් විය යුතුයි නේද? මේ ගැනයි සොයා බැලිය යුතුයි.. ඇමැතිතුමා, පිටි මිල අඩු කිරීමට පියවර නොගතහොත් මිල පාලනයකින් තොරව සහල්වලට සිදුව ඇති දෙයම විය හැකියි.