(නිමන්ති රණසිංහ)
පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකදී කොටයකට තබා කුරුසයක පරිද්දෙන් පරාල ඇණ ගසා අමානුෂික වද හිංසා කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර කපුවා පල්ලේකැලේ පොලිසිය විසින් අද (01) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකාර කපුවා අද (01) සවස පල්ලේකැලේ පොලිසියට ගොස් භාරවූ අවස්ථාවේදී පොලිසිය සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරු සමග මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනකු ද පොලිසියට ගොස් භාරවී ඇති අතර ඔවුන් දෙදෙනා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් 09 දෙනකු මේ වන විට අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් පත්කර තිබුණේ ඉකුත් 28 වැනිදාය.
මෙම සිද්ධියට අදාළව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එහිදී අධිකරණය පොලිසියට නියෝග කර තිබුණේ මෙහි ප්‍රධාන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
එසේම, මෙම ප්‍රධාන සැකකරු මත්තල ගුවන්තොටුපලින් හෝ කටුනායක ගුවන්තොටුපලින් රටින් පිටවීමට උත්සාහ ගත හොත් ඒ සදහා අවසර නොදී ඔහු රදවා තබාගෙන වහාම පොලීසියට දැනුම් දෙන ලෙසට ඉකුත් දා මහනුවර අධිකරණය ආගමන විගමන පාලකවරයා වෙත ද නියෝගක් නිකුත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කණ්ඩායම් කිහිපය සඳහා රජයෙන් වැයවූ මුදල්ද, කපුවාගෙන් අයකරගත යුතුයි. මේ රටේ ජනතාව දෙවියන් වෙත පූජා තබන අවස්ථාවලදී, මෙවන් නරුමයන් ලවා ඒ දේ කරවා ගැනීමේදී නැවත වරක් සිතා බැලිය යුතුයි. මේ වැනි දාමරික ක්‍රියාවන් සිදු කරන අයට දෙවියන් බැල්ම දෙන්නේ කෙසේද ?