(රංජන් කස්තුරි)
හෙද වැඩවර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනටද අද (01) බාධා එල්ල විය.
බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම එම පළාතේ රෝහල් 45කදී සිදුකිරීමට කටයුතු යොදා තිබූ ඇතර අද එම ලබා දීමට සැලසුම් කර තිබූ රෝහල්වලදී එම වැඩසටහනට හෙද වර්ජනය බාධා එල්ල වූ බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර රාගම ශික්ෂණ රෝහලේ සහ තවත් රෝහල් කිහිපයකට එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසට හිස් අතින් නිවෙස් වලට යාමට සිදු වූ බවද එම ආරංචි මාර්ග කියයි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් වලින් පිටත සිදු කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන වලට අද බොහෝ පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් අතර මෙසේ දුරස්ථභාවයක් නොතිබූ බව ද වාර්තා විය.
වයස අවුරුදු 70 ට වැඩි පිරිසකට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සයිනොෆාම් එන්න තේ පළමු මාත්‍රාව ලබා දීම සහ අනිකුත් අනෙකුත් පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි ලබාදීම එකම ස්ථානයක සිදු කිරීම නිසා බොහෝ පිරිසකට එකම ස්ථානයකට රැස්වී සිටීමට ද සිදුවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කරගෙන යං... ඡන්දය ළංවෙනකම්.. එතකොට එන්නත් පෙන්නලා ඡන්දය ගන්න පුළුවන්...