පරිසරය වනසා රට අගාධයට ගෙන යන්නෝ ගම්පහ මහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක් සිදු කෙරෙන බවත් මේ නිසා ළිං ජලය පවා අපවිත්‍ර වන තත්ත්වයක් පවතින බැවින් මීට විසඳුමක් අවශ්‍ය බව ගම්පහ මහ නගර සභාවේ මෙවර මාසික රැස්වීමේදී එහි ස්වාධීන මන්ත්‍රී සිරිනාථ කුරුප්පු මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 18 September 2020
නවක මන්ත්‍රීන් 79 ට මුලින්ම කාර් පර්මිට් පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත්වුණු මන්ත්‍රීවරුන් හැත්තෑ නව දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය මුලින්ම ලබාදීමට අදහස් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවැසේ. 18 September 2020
පාස්කු ඉරිදා ප්‍රහාරයේ රහස් තොරතුරු හරීන්ගෙන් කොමිසමට මෙම ප්‍රහාරය ගැන පියාට තොරතුරක් ලැබී තිබූ බව තම වැඩිමහල් සහෝදරිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තමාට දුරකථන ඇමතුමක් දී දැනුම් දුන් බවත් ඇයට පල්ලි නොයන ලෙස පියා අවවාද කර ඇති බවත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (16) ප්‍රකාශ කළේය. 18 September 2020
හලාවතිනුත් ලක්ෂ 40 ක කහ තොගයක් අල්ලයි හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමින් සිටි රුපියල් ලක්ෂ 40 ක වටිනාකමින් යුත් කහ කිලෝ 1000 කට ආසන්න ප්‍රමාණයක් හලාවත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිළධාරින් විසින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය. 18 September 2020
බදුල්ල- බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව ප්‍රදේශයේ මාර්ගයට අද(18) විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය. 18 September 2020
’ගොටුකොළ රිෆායි’ ගංජා සමග අත්අඩංගුවට බණ්ඩාරගම අටුලුගම දී පොලිස් නිලධාරීන්ට පහරදී අත් මාංචු සමඟ පලාගිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන අබ්දුල් හරිෆ් මොහොමඩ් රිෆායි හෙවත් ’’ ගොටුකොළ රිෆායි ’’ නැමැත්තා බණ්ඩාරවෙල බස් නැවතුමේදී දී ගංජා සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා පැවසීය. 18 September 2020
කෝටියක කහ තොගයක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට වීදුරු ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වාහන අංගනයකදී වෙනත් ලොරි රථ වලට පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු අද ( 18 )අලුයම අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි. 18 September 2020
විදෙස්ගතව පැමිණි තිදෙනෙක්ට කොරෝනා විදෙස්ගතව පැමිණි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 17 September 2020
පාදාගොඩ ‘ආමි ශිවා‘ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ සමීපතම ගෝලයකු වූ පාදාගොඩ ‘ආමි ශිවා‘ නමින් හඳුන්වන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයෙකු නීති විරෝධි ගිනි අවි , අත් බෝම්බ ඇතුලු උපකරණ සමඟ අද (17) අලුත්ගම පාදාගොඩදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 17 September 2020
රැකියාවලට සේවකයින් බඳවාගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 17 September 2020
මහර බන්ධනාගාරයේ නියාමක ඇතුළු 04 ක් රිමාන්ඩ් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින ‘ටගරා‘ සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළැයි කියන මහර බන්ධනාගාර නියාමක ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (17) නියම කළේය. 17 September 2020
විසිවැනි සංශෝධනයේ වගකීම ජනපති-කැබිනට් මණ්ඩලය බාරගන්නවා දැනට ගැසට් කරනු ලැබ ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් භාරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 17 September 2020
ලක්ෂ 15 බිඩී සමඟ දෙදෙනෙක් අල්ලති බලපත්‍ර රහිතව ව්‍යාජ වෙළඳ නාමයක් යොදා ගෙන රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමින් යුත් බීඩි නිෂ්පාදනය කළ අයෙකු සහ ඒවා අලෙවි කිරීම සඳහා ළඟ තබාගත් ව්‍යාපාරිකයකු බීඩි 215,700 ක් සමඟ අද (17) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි. 17 September 2020
බොරළු කොන්ත්‍රාත් ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයකු කපා දමයි බොරළු ව්‍යාපාරයක් සම්බන්ධව ඇතිවූ ආරවුලකින් පසු බරපතල කැපුම් තුවාල ලැබූ තිදරු පියා අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට අද (17) ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය කියයි. 17 September 2020
විජයකලා ජනපති කොමිසමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විභාග වෙමින් පවතින පැමිණිල්ලකට අදාළව වග උත්තරකාරියක ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (17) එම කොමිසම හමුවේ පෙනී සිටියා ය. 17 September 2020
මිල්ලනියේ ජලභීතිකාව වැළඳුණු නරි - ප්‍රවේශම් වන්න කලුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය හා ආසන්න ප්‍රදේශවල වනාන්තරවල ජලභීතිකාව වැළඳුණු නරි ගැවසෙන බැවින් එම ප්‍රදේශවල දරුවන් තනිව පාසල් යැවීමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (වනජීවී සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා එම ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලිමක් කරයි. 17 September 2020
සුවය ලැබූ 22ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(17) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 17 September 2020
ටවුන්හෝල් අවට තදබදයක් කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇත. 17 September 2020
කරුණාසේන හෙට්ටිආරච්චි ජනපති කොමිසමට කැඳවයි හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ට පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙට (18) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (17) නොතීසි නිකුත් කළේය. 17 September 2020
මුහමාලෙයි ප්‍රදේශයෙන් නිල ඇඳුම්-අස්ථි හමුවෙයි යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පිරිසකට, පොළව හාරන අවස්ථාවකදී යුද හුමදා නිලඇඳුම් හා අස්ථියක කොටසක් හමු වී ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 17 September 2020
රත්නපුර නගරයේ උණුසුම් තත්ත්වයක් රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට විරෝධය පළකරමින් වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් දෙවැනි දිනයටත් අද (17) රත්නපුර නගරයේ උද්ඝෝෂණය කළ අතර පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය. 17 September 2020
වාස්ගෙන් ප්‍රකාශයක් ගන්න බන්ධනාගාර අධිකාරිට නියෝග අධිකරණයට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ශානි අබේසේකර නඩුවට අදාළව මරණ දඩුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැමැති සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) නියම කළේය. 17 September 2020
සහරාන්ලාගේ අවදානමේ තොරතුරු පසුව හරි අසාගැනීම ආරක්ෂක ලේකම්ගේ වගකීමක් “නායකයෙක් කියන්නේ පහළ නිලධාරියා කරයි කියලා බලාගෙන ඉන්න කෙනාට නොවෙයි. පහළ නිලධාරියා මෙහෙයවන කෙනාටයි. මම බුද්ධි සමාලෝචන රැස්වීමේදී සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම ගැන කියවුණ තොරතුර ගැන මා නොකියා සිටියේ නම් රැස්වීම අවසානයේ හෝ පසු දිනයේ හෝ වෙලාවක් වෙන් කරගෙන නිලන්ත මේක පැහැදිලි කරන්න කියලා කියන්න ආරක්ෂක ලේකම්වරයාට වගකීමක් තිබුණා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (16) පැවැසීය 17 September 2020
ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත ආසාදිතයන් 97,894ක් අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 97,894 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 17 September 2020
දැරියට පහර දුන් ලොකු අම්මා පොලිස් බාරයට මව් සෙනෙහස අහිමි වයස අවුරුදු හතරයි මාස නවයක් වයසැති දැරියකට ඇගේ ලොකු අම්මා විසින් අමානුෂික ලෙස පහර දී වදහිංසා සිදුකර තිබියදී, ලැබුණු තොරතුරක් මත දැරිය පොලිස් බාරයට ගෙන සැකකාර ලොකු අම්මා අද (17 ) දා අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි. 17 September 2020
ඔක්තෝබර් දෙවැනි සතියේ 2021 අයවැය පාර්ලිමේන්තුවට ඔක්තෝබර් දෙවැනි සතියේදී වර්ෂ 2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය. 17 September 2020
ජාත්‍යන්තරය සතුටු කරන්න ත්රස්තයන්ගේ නම් කපලා ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා යහපාලන ආණ්ඩුව මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධාන සහ ත්රස්තවාදීන්ගේ නම් අඩුවෙන් අසාදු ලේඛනගත කර ඇති බව දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ උත්පල දයානන්ද බස්නායක මහතා ඊයේ (16) පැවැසීය. 17 September 2020
මාර්ග තදබදය වැළැක්වීමට තාක්ෂණය යොදවාගමු “නැවත අරඹමු මහමග විනය” යනුවෙන් යළි ක්‍රියාත්මක වූ මංතීරු නීතිය පළමු දිනයේදී දැඩි වාහන තදබදයකට හේතු වී තිබිණි. මෙකී නීතිය පිළිබඳව තමන් දැනුම්වත්ව නොසිටි බව බොහොමයක් රියැදුරන් ප්‍රකාශ කළ අතර මංතීරු නීතිය හේතුවෙන් තමන්ට පැය ගණන් මහාමාර්ගවල රස්තියාදු වීමට සිදුවූ බවට ද ඔවුහු චෝදනා කළහ. ඒ අතර මංතීරු නීතිය පිළිබඳ දින තුනක් තිස්සේ රියැදුරන් දැනුම්වත් කරන බව පවසන පොලිසියේ රථවාහන අංශය ඉන් අනතුරුව මංතීරු නීතිය කඩකරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බ 17 September 2020
පේරාදෙණි ඉංජිනේරු දෙවැනි වසර නවත්වයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසුන්ගේ අධ්‍යයන පාඨමාලාව ඊයේ (16) සිට තාවකාලිකව නතර කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසීය. 17 September 2020
සෙබළා අල්ලන විට ගිල්ල පැකට් වමනය කරවා එළියට ගනී මත්කුඩු පැකට් මුඛයේ සඟවාගෙන යතුරු පැදියෙන් ගොස් කුඩු ජාවාරමේ යෙදුණු හිටපු හමුදා සෙබළෙක් මත්කුඩු පැකට් 15 ක් සමග වත්තල ලන්සියාවත්ත ප්‍රදේශයේ දී පෙරේදා (15) රාත්‍රියේ වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026