‘කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ප්රමිතියට නොවේ‘
මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි අද (20) අලුයම කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන නිර්දේශයන්ට අනුකූලව නොවන බවත්, එහි අත්තිවාරම නිසි ප්රමිතියට ඉදිකර නොමැති බවත් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.