
(අංජුල මහික වීරරත්න)
බඩු මිල අඩු කර ජනතාවට ජීවිත් වීමෙි අයිතිය ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය කොළඹ කොම්පඤ්ඤ වීදියේ දී අද පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ.
සමගි ජන බලවෙිගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ප්‍රමුඛ මැද කොළඹ ජනතාව මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අතර "ස"ගේ ආණ්ඩුව ඉල්ලා අස්වෙනු,"බඩු මිල අඩු කරනු" "ජනතාවට පොහොර ලබා දෙනු" "කොරෝනා එන්නත ලබා දෙන දෙනු" ආදී සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
එහිදී අදහස් දක්වමින් මැද කොළඹ සංවිධායක මුජිබුර් රහුමාන් මහතා පැවසූයේ ආණ්ඩුව ජනතා ප්‍රශ්න වලට ඇහුම්කන් දුන්නේ නැතොත් ගම් දනව්වල ජනතාව කොළඹට පැමිණ ජනාධිපති ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය වට කරන දිනය වැඩි ඈතක නොවන බවයි.පැයක පමණ උද්ඝෝෂණයකින් පසු ඔවුහු විසිර ගියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය නිරෝධායනය කරන්නේ නැත්තේ ඇයි?
අර ක්‍රෝටන් කාලා කන්න කියපු වෙලාවේ මේ නඩය කොහේද දන්නේ නැහැ හිටියේ..? පුතාණෝලාට ඒවා දැන් අමතකයි. ලැජ්ජාවේ බැහැ. අනෙක මේ අයට ඕනෑ... කෝවිඩ් පතුරවලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න.
මේ මිනිසුන්ට විකාරද? කෝවිඩ් එක්ක රටක් කරන එක ලේසි නැති වග ඕන පොඩි ළමයෙකුටත් තේරෙනවා. මේ හදන්නේ තව පොකුරක් හදාගන්න. වහාම සියලු දෙනා නිරෝධායනය කර උසාවි දැමිය යුතුමයි.
මේ වගේ පිස්සු වැඩ කරද්දි මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැති එක සාධාරණයි.
1980 ජූලි මාසයේදී තමන්ගේ පඩිය මාසෙකට රුපියල් දහයක් (10) වැඩිකර දෙන්න ඉල්ලුවාට රස්සාවෙන් මිනිස්සු දොට්ට දාපු ආණ්ඩුවක් ගෙනිච්ච දේශපාලන පක්ෂයකට තමන්ගේ මතකය ආපහු 1980ට ගෙනිච්චා නම් හොඳයි. මේ හදන්නේ තවත් වරක් කෝවිඩ් පොකුරක් හදලා මිනී මරන්න...