ඇඟළුම් කම්හල්වලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් පවතින කොවිඩ්-19 රෝග තත්ත්වය සීග්‍රයෙන් පැතිර යාම හමුවේ ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යාමට අදාලව විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 13 October 2020
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 ක් කොළඹින් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවැසීය. 13 October 2020
කටුනායක - සීදුව තවත් ආසාදිතයන් 57 ක් කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද (13) හඳුනා බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය . 13 October 2020
ව්‍යාජ ඔප්පු හදා කෝටි එකහමාරක ඉඩම් විකුණති මොරගහහේන මිල්ලෑව තක්ෂිලා උයන ප්‍රදේශයේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ඉඩම් කොටස් 11 ව්‍යාජ ඔප්පු සාදා ඉතා අඩු මුදලකට වෙනත් පුද්ගලයකුට විකුණු සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ දෙදෙනෙක් මොරගහහේනේ දී අද (13) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 13 October 2020
අනුරාධා හේරත් අගමැති විදේශ සබඳතා අධ්යක්ෂ ජනරාල් ධූරයට අග්‍රාමාත්‍ය විදේශ සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ලෙස අනුරාධා හේරත් මෙනෙවිය පත් කරනු ලැබ ඇත. 13 October 2020
විජයානන්ද හේරත් අගමැති කාර්ය මණ්ඩලයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත් කරනු ලැබ ඇත. 13 October 2020
යළිත් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන්ගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කළේය. 13 October 2020
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕන නෑ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැතැයි කී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඒ සඳහා වරෙන්තුවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අද(13) ප්‍රතික්ෂේප කළේය. 13 October 2020
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම අත්හිටුවයි මාළිඟාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයන්ගේ (විශ්‍රාමිකයන්ගේ) පැමිණීම අද(13) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2020
’2000ක් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන ඉදිකරමින්’ රටේ පවතින තත්වය හමුවේ පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 13 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 49 ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයින් 49 ක් වාර්තා වී තිබේ. 13 October 2020
බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද (13) නියෝග කර තිබේ. 13 October 2020
පින්නවල අලි අනාථාගාරය වසා දමයි රඹුක්කන, පින්නවල එළිමහන් සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 13 October 2020
බොරැල්ලේ වෙළඳසැල් 6ක් වහයි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු ගිය බව කියන බොරැල්ලේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කියයි. 13 October 2020
සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ලොක්කෙක් අල්ලස් ගනිද්දී අහුවෙයි සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (නියාමන) රුපියල් 25000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ කාන්තා අධ්යක්ෂ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය . 13 October 2020
නාකොටික්ලා කුඩු ජාවාරම සමග ගිනි අවිත් විකුණලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් හෙරොයින් ජාවාරමට අමතරව පාතාල සාමාජිකයන් සමග එක්වී ගිනි අවි ජාවාරම් සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (12) කරුණු අනාවරණය කළේය. 13 October 2020
ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා සේම උසස් පෙළත් සාර්ථක කරගනිමු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ විය. රට පුරා විභාග මධ්‍යස්ථාන 2,648ක ඇරැඹුණ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙයි. රටේ අනාගත වගකීම බාර ගැනීමට සිටින ජාතියේ දුවා දරුවන්ට මෙම විභාගයට සාර්ථකව මුහුණ දීමට සමත් දියුණු හා නිරෝගී පරිසරයක් අඛණ්ඩව පවතීවා යන්න අපගේ ප්‍රාර්ථනය වේ. 13 October 2020
ඇඟලුම් ආයතනයට කොරෝනා පැමිණි අයුරු හොයන්න කමිටුවක් මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයට කොවිඩ් 19 වයිරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කමිටුවක් පත්කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 13 October 2020
සියලු ආයතනවල සේවකයන්ගේ තොරතුරු දින 3ක් තුළ යාවත්කාලීන කරන්න සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනනවල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු, ඉදිරි දින තුන තුළදී යාවත්කාලීව කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 13 October 2020
කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180ක් දුප්පත් සහ පොහොසත් රටවලට සමානව ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමේ ක්‍රියාවලියට මේ වනවිට චීනය ඇතුළු රටවල් 180කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 12 October 2020
බංගලාදේශයේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය නීතිගත කරමින් ඒරට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරන බවයි. 12 October 2020
කොරෝනා පාලනය කළ හැකි එන්නත ලබන වසර මුලදී මේ වසර අගදී හෝ ලබන වසර මුලදී නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි එන්නතක් බලාපොරොත්තු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (12) ප්‍රකාශ කළේය. ‘ෆයිනෑන්ෂියල් ටයිම්ස්’ පුවත්පත සංවිධානය කළ ‘ඔන්ලයින් ඇෆ්රිකා’ සමුළුවේදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඒ බව කීවේය. 12 October 2020
හිමි නමකට පහරදී පාලාවත්ත උණුසුම් වෙයි බදුල්ල පාලාවත්ත බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) සවස ගම්වැසියෙකු විසින් පහරදීමේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. 12 October 2020
රියාජ් බදියුදීන්ගෙන් ජනපතිට ලිපියක් තමා ත්‍රස්තවාදියකු ලෙස නම් කරමින් නැවත වතාවක් අත්අඩංගුවට ගන්නැයි කියමින් ඇතැම් පිරිස් නගන චෝදනා සාධාරණ නැතැයි සඳහන් කරමින් රියාජ් බද්යුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (12) ලිපියක් යවා ඇත. 12 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ට නගී මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ ආසාදිතයන් පොකුරට තවත් ආසාදිතයන් 51දෙනෙකු අද(12) හඳුනාගෙන ඇත. 12 October 2020
අයවැය ගෙනඒමට පෙර 20 සම්මත කරනවා ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවත් ඇතැම් විට එය ලබන සතියේම විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 12 October 2020
පට්ටිතෝට්ටම්-පෙරියකඩෙයි ගම්මාන යළි විවෘතයි හුදකලා ගම්මාන ලෙස නම් කළ මන්නාරම පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන අද(12) සවස 6.00න් පසු නැවත විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 October 2020
කටුනායක නිදහස් වෙළඳ කලාපය වහන්නේ නැහැ පවතින කොවිඩ්-19 තර්ජනය හේතුවෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා නොදමන බව එහි කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා ලංකාදීපයට අද(12) පැවැසීය. 12 October 2020
මුදල් නෝට්ටු- දුරකථන මුහුණත්වල දින 28 ක් කොරෝනා කොවිඩ් - 19 වයිරසය මුදල් නෝට්ටු, දුරකථන මුහුණත් සහ මළ නොබැඳෙන වානේ වැනි පෘෂ්ඨ මත සජීවීව දින 28ක පමණ කාලයක් පැවතිය හැකි බව නවතම සොයාගැනීම් වලින් තහවුරු වී ඇතැයි පර්යේෂකයෝ පවසති. 12 October 2020
පෝලන්තයේ රැකියාවට යනවා නම් කාර්යංශයෙන් අහන්න පෝලන්තයේ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් රැකියාව තහවුරු කර ගැනීමෙන් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමෙන් අනතුරුව පමණක් රැකියා නියෝජිතායතනවලට මුදල් ගෙවන්නැයි කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 12 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026