(අංජුල මහික වීරරත්න)
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුල්වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් මෙරට තානාපති හා මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මෙලෙස වීසා අයදුම් කර සිටි පිරිසෙන් බහුතරය සිංහල බෞද්ධ වීම සුවිශේෂී කාරණයක් බව ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වැඩිම සංඛ්‍යාවක් වීසා ඇදුම් කර ඇත්තේ මේ වසරේ බව කී වජිර අබේවර්ධන මහතා මෙතරම් ඉහල ප්‍රතිශතයකින් ශ්‍රී ලාංකිකයන්ගේ වීසා අයදුම් කිරීම ඉහළ ගිය මෑත කාලයේ ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් කළේය.
ශ්‍රී ලාංකිකයන් වීසා ඇදුම් කර ඇති රටවල් අතර යුරෝපා රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ප්‍රමුඛස්ථානයේ තිබෙන බව තානාපති කාර්යාල වීසා නිකුත් කිරීමේ සේවා වලින් තහවුරු වූ බව ද අබෙිවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි අන්දමින් පැතිරෙමින් තිබෙන වාතාවරණයක, ආර්ථිකය තවදුරටත් ආගාධය බලාම ගමන් කරමින් සිටියි...
ඉතින් වද නොදී ඔයාත් යන්න...
පුලුවන් නම් ඒකටත් ටැක්ස් එකක් ගහයි දැන්...
මෙයාලාගෙන් කිරි බිබී හිටපු අන්තවාදී කණ්ඩායම් වල සාමාජිකයන් සහ පාතාලයන් වෙන්න ඇති. සිංහල බෞද්ධ කියන කොටස අතින් දාපු එකක්. කෙසේ නමුදු කවදත් ඊනියා වදන් ගලා හැළෙන මෙවැනි කළු දිය උල්පත්වල දිය පරිහරණය කළ යුත්තේ පෙරා ගැනීමෙන් පසුවයි..
1987-89 කාලෙත් පුළුවන් අය ගියා. හැබැයි අනික් අයට වීසා ඉල්ලන්න යන්න බැරිවුණා. ඊට කලින් එහා ලෝකෙට යන්න වීසා හම්බවුණා.
රටේ පාලකයින්ගේ ක්‍රියාකාරකම් තුළින් ආර්ථික වශයෙන් පරිහානියකට ඇද දැමීමෙන් ජීවත්වීම ඉතා අසීරු වී ඇත. මේ නිසා අධ්‍යාපනය එතෙර රැකියා සහ පදිංචිය සඳහා විශාල ලෙස වීසා අයදුම් කිරීම පුදුමයක් නොවේ...
ඒ ඔහෙලා බලයට ආවොත් වීසා එකවත් ලබා ගන්න බැරිබව දන්නා නිසා...
අපි දැන් බංගලියෝ වගේ තමයි.