(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ සහ ඡන්ද විමසීම් නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විවිධ පාර්ශවවලින් යෝජනා හා අදහස් 138 ක් මේවනවිට ලැබී ඇතැයි එම සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ 10 කින්ද කමිටුවට යෝජනා ඉදිරිපත්ව තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
පිළිගත් දේශපාලන පක්ෂවලට විශේෂ කාරක සභාව සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අදින් (15) අවසන් විය.
ලැබී ඇති මේ සියලුම යෝජනා ගැන විශේෂ අවධානය යොමු කර ඇතැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්,නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය පැවසුවාය.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබීය.
විශේෂ කාරක සභාවේ අවසාන වාර්තාව ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ලැයිස්තුවෙන් රිංගන එක නතර කරන්න.. පෙන්ෂන්, අධිදීමනා, අධි වරප්‍රසාද, වාහන බලපත්, ඔලුගෙඩි මාරුව, මන්ත්රීකම් අනුන්ට දීම නතර කරන්න..
සියල්ලටම කලින් යහපත් චරිතයක් ඇති අපරාධ නඩුවලට චෝදනා එල්ල වූ සහ වෙනත් දූෂණ චෝදනාවලට නඩුවලට මැදි නොවූ අඩුම තරමින් උසස්පෙළ විෂයයන් තුනක්වත් සමත් වූ මෙරට පමණක් පුරවැසියන් වන අය පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වන විදිහට නීති ගේන්න. ඒ වගේම අඩුම තරමින් අවුරුදු 70 වැඩි අය පාර්ලිමේන්තුවට එන එකත් නවත්තලා දමන්න...